Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වර්ගවාදයට එරෙහිව දණ බිම නොතැබීම සම්බන්ධයෙන් දකුණු අපි‍්‍රකානු ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් සමාව අයැද සිටී.
දකුණු අපි‍්‍රකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පෙරේදා (26 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයට පෙර ‘කළු ජීවිතත් වටිනවා’ යන තේමාවට සහයෝගය දීම සඳහා සියලූම දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයන් තරගයට පෙර දණ බිම තැබිය යුතු යයි දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් ආයතනය නිවේදනයක් නිකුත් කළේය. එහෙත් එම නියෝගයට එක`ග නොවූ ක්වින්ටින් ඩි’කොක් අවසන් මොහොතේදි කණඩායමෙන් ඉවත් වූ අතර ”මම එහෙම කළේ සතුටින්” යයි ද කීවේය.
කෙසේ වෙතත් දෙදිනකට පසුව තමන් ගත් පියවර සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ ඩි‘කොක් සමාව අයැද සිටියේය.
”පළමුවෙන්ම මගේ කණ්ඩායම් සගයින්ගෙන් වගේම අපේ රටේ කි‍්‍රකට් ලෝලීන්ගෙන් සමාව ඉල්ලලා ඉන්න ඕනා”
”මේක ක්වින්ටින්ගේ ප‍්‍රශ්නයක් කරගන්න මට කොහෙත්ම ඕනකමක් තිබුණේ නෑ. වර්ගවාදයට එරෙහිව නැගී සිටීම කොයිතරම් වැදගත් ද කියලා මා තේරුම් අරන් ඉන්නේ. ඒ වගේම කී‍්‍රඩකයන් වශයෙන් අපි ආදරශවත් විය යුතුයි කියලාත් වැටහීමක් තියෙනවා”
”මා දණ බිමතැබීම, මේ සම්බන්ධයෙන් අනෙක් අය දැනුවත් කිරීමට උපකාරී වෙයි නම්. අන්‍යයන්ගේ ජීවිත වඩාත් හොඳ තත්ත්වයට ගෙනෙන්නට පිටිවහලක් වේ නම්, ඒ දේ කිරීමට (දණහිස බිම තැබීමට) මා ඉතාමත් කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා” යයි ක්වින්ටින් ඩි’කොක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
තමන් පැමිණෙන්නේද මිශ‍්‍ර ජාතික පවුලකින් බවත්, තම අර්ධ සහෝදරියන් දෙදෙනාම මිශ‍්‍ර බවත් තමන්ගේ කුඩම්මා කළු ජාතික කාන්තාවක් බවත් ක්වින්ටින් ඩි’කොක් කියයි.
”මට නම් මා උපන් දා සිටම කළු ජීවිත වටිනවා. ඒක මේ අන්තර්ජාතික වශයෙන් ප‍්‍රචලිත තේමාවක් තියෙන නිසා නෙමේ” යයිද 28 හැවිරිදි ක්වින්ටින් ඩි’කොක් පැවසීය.
‘කළු ජීවිතත් වටිනවා’ යන තේමාවට සහයෝගය දීම සඳහා සියලූම දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයන් තරගයට පෙර දණ බිම තැබිය යුතු යයි දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් ආයතනය නිවේදනයක් නිකුත් කළේය. එසේ කිරීමට දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් ආයතනයට සිදුවූයේ ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති පළමු තරගයට පෙර ඇතැම් කී‍්‍රඩකයන් දණහිස බිම තබාගෙන සිට අතර තවත් කී‍්‍රඩකයන් සිටගෙන සිටි ආකාරය ඡායාරූපයට නැගීමෙන් පසුවය.
දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් ආයතනය කියන්නේ වර්ගවාදයට එරෙහි වීම සදාචාරාත්මක ප‍්‍රශ්නයක් මිස දේශපාලනික ප‍්‍රශ්නයක් නොවන බවයි.
වර්ගවාදය නිසා දරුණුවටම බැට කෑ කී‍්‍රඩා කණ්ඩායමක් වේ නම් ඒ දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් කණ්ඩායමයි. මේ හේතුවෙන් 1975 දී ආරම්භ වූ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ද දකුණු අපි‍්‍රකාවෙන් ගිළිහී ගියේය.
වර්ගවාදය හේතුවෙන් 1970 සිට 1992 දක්වාම දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් කණ්ඩායම අන්තර්ජාතික කි‍්‍රකට් පිටියෙන් පිටමං කර තිබිණ. 1991 දී දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් කණ්ඩායම නැවත වරක් අන්තර්ජාතික කි‍්‍රකට් පිටියට ඇතුළත් කරගන්නා ලද්දේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේද පූර්ණ සහයෝගයෙනි.
දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනාධිපතිවරයකු වන නෙල්සන් මැන්ඩෙලා මහතා එවකට ශී‍්‍ර ලංකාවේ හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතාගෙන් කළ ඉල්ලීමක් ඊට පසුබිම විය.
දකුණු අපි‍්‍රකානු සීමිත ඕවර කණ්ඩායමේ වත්මන් නායක ටෙම්බා බවුමා දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් කණ්ඩායමේ පළමු වැනි කළු ජාතික නායකයාය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.