තිස්ස මැදි විදුහල සහ කළුතර විද්‍යාලය අතර මග්ගොන සරේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන 58 වැනි ‘මැංගුස් සටන’ වාර්ෂික කි‍්‍රකට් තරගයේ පළමු දිනය වූ අද (24 වැනිදා) කළුතර විද්‍යාලය වෙනුවෙන් ශතකයක් (132) ලබා ගැනීමට උප නායක හිරුණ චතුමිණ සමත් විය.
පන්දු 168 කදී ලබාගත් චතුමිණගේ ශතකයට හයේ පහර 7 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් විය.
අද දිනය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි තිස්ස මැදි විදුහල කිසිවකු නොදැවී ලකුණු 11 ක් ලබා සිටියේය. තිස්ස මැදි විදුහල් කී‍්‍රඩකයෝ කඩුලූ 10 ක් අතැතිව කළුතර විද්‍යාලයට වඩා තවත් ලකුණු 311 ක් පසුපසින් සිටිති.
තිස්ස මැදි විදුහල වෙනුවෙන් දක්ෂ පන්දුයැවීමක නිතර වූ ලසන් හර්ෂණ ලකුණු 57 කට කඩුලූ 5 ක් දවාගත්තේය.
කාසියේ වාසිය දිනූ තිස්ස මැදි විදුහල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා කළුතර විද්‍යාලයට ආරාධනා කර සිටියේය.
හෙට (25 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.
කළුතර විද්‍යාලය පළමු ඉනිම - ඕවර 80.3 කදී කඩුලූ 8 ක් දැවී 322
(හිරුණ චතුමිණ 132, යසිත උමයංග 41, දුනිත් නිම්හාන 34, නදීර දිල්ෂාන් 27, ලසන් හර්ෂණ 57/5)
තිස්ස මැදි විදුහල පළමු ඉනිම - ඕවර 7 කදී කිසිවකු නොදැවී 11
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.