Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කළුතර විද්‍යාලයට කඩුලූ 7 ක පහසු ජයක්

කළුතර විද්‍යාලයට කඩුලූ 7 ක පහසු ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ කළුතර විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර පැවැති තරගයෙන් කඩුලූ 7 ක පහසු ජයක් වාර්තා කිරීමට කළුතර විද්‍යාලය සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 88 ක පහසු ඉලක්කයක් හඹාගිය කළුතර විද්‍යාලය  ඕවර 14 ක් අවසානයේ කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර පැතුම් නිශ්ශංක (නොදැවී 44) සහ නිමේෂ් ලක්ෂාන් (නොදැවී 34) සිව්වැනි කඩුල්ල සඳහා නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායම ජය ටැඹ කරා රැගෙන ගියහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් දේවපතිරාජ විදුහලට  ඕවර 29 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැුස්කරගත හැකිවූයේ ලකුණු 86 ක් පමණි. එහිදී ප‍්‍රවීන් නිම්සර ලකුණු 14 කට කඩුලූ 4 ක් සහ යසිත උමයංග ලකුණු 19 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැකිවීය.

දේවපතිරාජ විදුහල -  ඕවර 29 කදී සියලූ දෙනා දැවී 86
(ගීත් මොරීන් 22, මධුරංග පියුමාන් 15, ප‍්‍රවීන් නිම්සර 14/4, යසිත උමයංග 19/3, පැතුම් නිශ්ෂංක 4/2)

කළුතර විද්‍යාලය -  ඕවර 14 කදී කඩුලූ 3 කට 88
(පැතුම් නිශ්ෂංක නොදැවී 44, නිමේෂ් ලක්ෂාන් නොදැවී 34, ගීත් මොරීන් 21/2)

036


අදහස් (0)

කළුතර විද්‍යාලයට කඩුලූ 7 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.