කරන්දෙණිය මැදි විදුහල සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල අතර අම්බලන්ගොඩ මහජන කී‍්‍රඩාංගණයේදී සිවුවැනි වරටත් පැවැත්නෙ ‘දෙනුවර රිද්මය’ වාර්ෂික කි‍්‍රකට් තරගයේ පළමු දිනය වූ අද (24 වැනිදා) තරගය නිමා වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි කරන්දෙණිය මැදි විදුහල කඩුලූ 5 ක් දැවී ලකුණු 56 ක් ලබා සිටියේය.
ඒ අනුව ඔවුන් කඩුලූ 5 ක් පමණක් අතැතිව පී. ද එස්. කුලරත්න විදුහලට වඩා ලකුණු 173 ක් පසුපසින් සිටියි.
පී. ද එස්. කුලරත්න විදුහල් ඉනිමේ කොඳුනාරටිය බවට පත් වූ ආමන්ත මධුෂංක පන්දු 87 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 80 ක් රැුස්කිරීමට සමත් විය. කරන්දෙණිය මැදි විදුහල වෙනුවෙන් දක්ෂ පන්දුයැවීමක නිතර වූ සුරංග පතිරන්නැහැව ලකුණු 44 කට කඩුලූ 4 ක් දවාගත්තේය.
කාසියේ වාසිය දිනූ කරන්දෙණිය මැදි විදුහල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පී. ද එස්. කුලරත්න විදුහලට ආරාධනා කර සිටියේය. හෙට (25 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.
පී. ද එස්. කුලරත්න විදුහල පළමු ඉනිම - ඕවර 61.5 කදී සියලූ දෙනා දැවී 229
(ආමන්ත මධුෂංක 80, චාලිත චමෝද් 29, සචින් හිරාන් නොදැවී 26, පැතුම් දිල්ෂාන් 23, සුරංග පතිරන්නහැව 44/4, දිලූම් සුදීර 73/2)
කරන්දෙණිය මැදි විදුහල පළමු ඉනිම - ඕවර 32.1 කදී කඩුලූ 5 ක් දැවී 56
(සමිත ඉසුරු 20, නිම්න සාරංග 9/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.