Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කමිඳුගේ ශතකයෙන් රිච්මන්ඩ් පෙරට

කමිඳුගේ ශතකයෙන් රිච්මන්ඩ් පෙරට

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කමිඳු මෙන්ඩිස්ගේ අගනා පිතිහරඹය (166) නිසා අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහල සමත් විය.

කොළඹ ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව කොළඹදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමින් රිච්මන්ඞ් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

පන්දු 221 කදී වාර්තා වූ කමිඳු මෙන්ඩිස්ගේ ශතකයට හයේ පහර 5 ක් සහ හතරේ පහර 15 ක් ඇතුළත් විය.


ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම -  ඕවර 64.2 කදී සියලූ දෙනා දැවී 181
(පහන් පෙරේරා 62, ඩරියෝ දිසානායක 35, ලක්ෂාන් ගමගේ නොදැවී 24, වනිඳු හසරංග 39/4, අවිඳු තීක්ෂණ 38/3)

රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම -  ඕවර 75.2 කදී සියලූ දෙනා දැවී 290   
(කමිඳු මෙන්ඩිස් 166, හේෂාන් උමේන්ද්‍ර 50, ධනංජය ලක්ෂාන් 25, හවින් පෙරේරා 83/4, පහන් පෙරේරා 82/3)

ශාන්ත ජෝෂප් දෙවැනි ඉනිම - කඩුලූ 3 ක් දැවී 108
(ප‍්‍රෂාන් අබේසේකර 40, ඩරියෝ දසනායක 27, නිරාන් ගුණතිලක නොදැවී 20, වනිඳු හසරංග 26/2)

 


අදහස් (0)

කමිඳුගේ ශතකයෙන් රිච්මන්ඩ් පෙරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.