Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කොටස ‘බී’ තලයේ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කඳාන ද මැසිනෝද් විද්‍යාලය සමත්විය.
පළමු වටයේදී තම කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමිකර ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කඳාන දි මැසිනෝද් විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේදී මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව කඩුලු 8ක ජයක් ලැබීය.
කඳාන දි මැසිනෝද් විද්‍යාලය වෙනුවෙන් ශරිත් සුදීන තුන් ඉරියව් දස්කම් දැක්වීය. පන්දුවෙන් දස්කම් දැක්වූ ශරිත් සුදීන ලකුණු 30 කට කඩුලු 4ක් දවාලූ අතර, පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 87 ක් රැස් කළේය. උෂාන් ආදිත්‍ය ද පිත්තෙන් දස්කම් දැක්වීය.
මාතර ශාන්ත තෝමස් විද්‍යාලය - ඕවර 35.2 කදී 159 යි
(අබ්දුල් මජීඩ් 52, යොමිරු සස්වින් 22. පුනාල් පමුදිත 20. ශරිත් සුදීන 30/4, සනිඳු නිමල්ෂ 29/3)
කඳාන ද මැසිනෝද් විද්‍යාලය - ඕවර 27.1 කදී කඩුලු 2 ට 160 යි
(ශරිත් සුදීන 87, උෂාන් ආදිත්‍ය 50)
ශරිත් සුදීන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.