Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කන්ද උඩරට රන් හටන පල්ලෙකැළේදී

කන්ද උඩරට රන් හටන පල්ලෙකැළේදී

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල අතර 18 වැනි වරටත් පැවත්වෙන ‘කන්ද උඩරට රන් සටන වාර්ෂික එක්දින ක‍්‍රිකට් තරගය හෙට (5 වැනිදා) පල්ලෙකැලේ  ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේදී පැවැත්වේ.

කලක් ශාන්ත පාවුළු විදුහල යනුවෙන් හැඳින්වූ ශ්‍රී සුමංගල විදුහල වෙනුවෙන් මෙවර තරගයට පිවිසෙන ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හිමිවී ඇත්තේ වයි.ඒ. අඹගස්පිටියටයි. කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල් කණ්ඩායමේ නායකත්වය දරන්නේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකු වන ජීවන්ත විජේරත්නය.

අන්තර් පාසල් ලීග් ක‍්‍රිකට් තරගාවලියේදී මෙම දෙවිදුහලෙන්ම දක්ෂතා ප‍්‍රදර්ශනය වූ අතර දෙපිලේම ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් ගණනාවක් ක‍්‍රීඩා කරන බැවින් අද පැවැත්වෙන කන්ද උඩරට රන් සටනේ නිමාව ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මහනුවර ශ්‍රී සුමංගල විදුහලේ විදුහල්පති එන්.ජී.බී. මුහන්දිරම්, නියෝජ්‍ය විදුහල්පති අනුර දිසානායක, රාහුල විදුහලේ විදුහල්පති එස්.එම්.සී. වීරකෝන් යන මහත්වරුගේ අධීක්ෂණයෙන් මෙවර එක් දින තරගය සංවිධානය කර තිබේ.

 


මහනුවර ශ්‍රී සුමංගල විදුහල් සංචිතය :  
වයි.ඒ. අඹගස්පිටිය (නායක) වයි.එම්.එම්.එම්. කරුණාරත්න (උපනායක) ජේ.ඞී.එස්. වික‍්‍රමසිංහ, එන්.ඞී. තිලකසිරි, එම්.එම්.කේ.එස්. බණ්ඩාර, කේ.ඞී. මධුරංග, ඒ.අයි. පුෂ්පකුමාර, බී.ඒ.කේ. සඳරුවන්, එස්.එන්. ඒකනායක, කේ.එම්.සී.ජේ. කෝනාර, එස්.පී. නිරෝෂන්, ජී.එල්.එස්.ඊ. ලියනගේ, ඩබ්.ඒ.ආර්. පීරිස්, වී.එම්. අබේකෝන්, අයි.එස්. කුලතුංග, එස්.එල්.බී. වික‍්‍රමසිංහ, ඩබ්.එම්.සී.එල්. බණ්ඩාර, ඞී.ජී.බී.සී. සිරිවර්ධන, සී.අයි. පේ‍්‍රමරත්න, ආර්. කොළඹගේ (පුහුණුකරු), ටී.එම්. එස්. ඒකනායක (ක‍්‍රීඩා භාර ආචාර්ය), ජයන්ත කරුණතිලක (ක‍්‍රීඩා පාලක)

 


කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල් සංචිතය :
ජීවන්ත විජේරත්න (නායක), ඒ.ජී.ජී.ඞී. මධුශංඛ, සී.එස්. සමරසේකර, ආර්.එම්.ඞී.එල්. රණරාජා, එම්.කේ. ලක්හේවගේ, පී. රත්නායක, එස්. රණතුංග, ජී. වික‍්‍රමසිංහ, කේ. බණ්ඩාර, ආර්. කපුකොටුව, එම්.ඒ. හරුන්, එම්. රාජපක්ෂ, බී.එම්. තුෂාර, එස්. මලින්ද, ඒ. විජේසූරිය, කේ. ඩිල්ෂාන්, යූ. නවරත්න හා එම්. පරණවිතාන,  ඕබි‍්‍ර කුරුප්පු (පුහුණුකරු), එම්.ජේ.එස්. ආරියසිංහ (කණ්ඩායම් භාර ආචාර්ය)


●●●

 


අදහස් (0)

කන්ද උඩරට රන් හටන පල්ලෙකැළේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.