Last Update  :  2026-03-23 12:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෑගලු විද්‍යාලය - ශා. මරියා මහ තරගයේ ජය පැරදුමක් නෑ
44 වැනි රන් සටන ජය

කෑගලු විද්‍යාලය - ශා. මරියා මහ තරගයේ ජය පැරදුමක් නෑ

editorial - 2026 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කෑගලු විද්‍යාලය සහ කෑගල්ල ශාන්ත මරියා විදුහල අතර කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැති 44 වැනි ‘කෑගලු රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ඊයේ (22) ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. ශාන්ත මරියා විදුහල් ක්‍රීඩකයෝ එහිදී පළමු ඉනිමේ ජයග්‍රහණයකට හිමිකම් කී අතර එම විදුහලේ අෂාන් උඩවත්ත තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

තරගය නිමාවට පත්වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 123 ක ඉලක්කයක් හඹා යමින් සිටි ශාන්ත මරියා විදුහල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 17 ක් ලබා සිටි‍යේය. ලකුණු 100 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ කෑගලු විද්‍යාලයීය ක්‍රීඩකයෝ, කඩුලු 9 ක් දැවී ලකුණු 222 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවමින් ශාන්ත මරියා විදුහලට යළිත් පන්දුවට පහරදීමට ආරාධනා කළේ තරගය නිමාවීමට ඔන්න මෙන්න තිබියදීය.

එහිදී කෑගලු විද්‍යාලය වෙනුවෙන් ඉවසිලිමත් පිතිහරඹයක නිරත වූ දිල්ෂාන් දිසානායක හතරේ පහර 8 ක් සමග ලකුණු 93 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී දැවී ගියේය. ලකුණු 34 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී ඉසිඳු සංකල්ප (25) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද දිල්ෂාන් සමත් විය. පන්දු 163 කට මුහුණදුන් ඉසිඳුගේ ඉනිම හතරේ පහර 2 කින් සමන්විත විය.

පළමු දිනය වූ සිකුරාදා (20) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 75 ක් ලබා සිටි ශාන්ත මරියා විදුහල, දෙවැනි දිනයේදී තවත් කඩුලු 4 ක් අහිමිකරගනිමින් සිය පළමුට ලකුණු 170 ක් එක්කර ගත්තේය. ඒ අනුව කඩුලු 9 ක් දැවී ලකුණු 245 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටවූ ශාන්ත මරියා විදුහල කෑගලු විදුහලට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. එහිදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 130 ක් රැස්කිරීමට අෂාන් උඩවත්ත සමත් විය.

 

කෑගලු විද්‍යාල පළමු ඉනිම - ඕවර 51.1 කදී සියලු දෙනා දැවී 145
(ගෞරව තේජාන් 16, ශෂින් ශ්‍යාමල් 41, දිල්ෂාන් දිසානායක 16, දිල්ෂාන් කාවින්ද 20, මිගාර ගම්ලත් 18, ගගන සඳරු 33/4, අෂාන් උඩවත්ත 09/2)

ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 106.1 කදී කඩුලු 9 ක් දැවී 245
(සෙනුත් වලිසිංහ 19, මතීෂ සමරසිංහ 17, චානුක කහදවල 18, අෂාන් උඩවත්ත 130, විහඟ සත්සර 42/3, කෞෂල්‍ය බණ්ඩාර 41/2, මිගාර ගම්ලත් 66/2)

කෑගලු විද්‍යාල දෙවැනි ඉනිම - ඕවර 113.3 කදී කඩුලු 9 ක් දැවී 222
(යසිත් මෙත්සිත් 20, ඉසිඳු සංකල්ප 25, දිල්ෂාන් දිසානායක 93, විහඟ සත්සර නොදැවී 29, චානුක කහදවල 41/5, මතීෂ සමරසිංහ 52/3)

ශාන්ත මරියා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 2 කදී සියලු දෙනා දැවී 17


අදහස් (0)

කෑගලු විද්‍යාලය - ශා. මරියා මහ තරගයේ ජය පැරදුමක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.