වෙළද සේවා ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් සහභාගීවූ සියලුම තරග ජයගනිමින් ප්‍රසාද ලකුණු 39 ක් හිමිකරගත් එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනෙහි පෙරමුණ ගැනීමට සමත්විය. තරග 8 කට සහභාගීවූ එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම තරග 7 කදී අතිරේක ප්‍රසාද ලකුණු 7 ක්ද හිමිකර ගැනීමට සමත්වී ඇති අතර ලීග් ශූරතාව පෙනෙන මානයේ ඔවුන් රැඳී සිටිති.
ප්‍රසාද ලකුණු 27 ක් හිමිකරගත් කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේය. තරගාවලියේ සියලුම තරග වලට සහභාගිවී ඉන් තරග 6 ක් ජයගෙන ඇති කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම තරග 3 ක් පරාජයට පත්විය.
ප්‍රසාද ලකුණු 20 ක් හිමිකරගෙන සිටින මාස් යුනිචෙලා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර තරග 7 කට සහභාගීවි ඇති ඔවුන්ට තරගාවලියේ ඉතිරි තරග 2 ජයගැනීමට හැකිවුවහොත් අනුශූරතාය දිනා ගැනීමේ අවස්ථාව හිමිවේ.
මාස් යුනිචෙලා කණ්ඩායම සහභාගීවි ඇති තරග 7 න් තරග 4 ක් ජයගෙන තරග 3 ක් පරාජයවී ඇති අතර ජයග්‍රහණය කළ තරග 4 දී ප්‍රසාද ලකුණු 4 ක් ද හිමිකර ගැනීමට ඔවුන් සමත්වූහ.
ඔක්තෝබර් 03 වැනිදා දක්වා ප්‍රසාද ලකුණු සටහන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.