Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එන්.සී.සී - එස්.එස්.සී අවසන් තරගයට

එන්.සී.සී - එස්.එස්.සී අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (23 වැනිදා) පැවැති අතර එහිදි එන්.සී.සී සහ එස්.එස්.සී යන කණ්ඩායම් අවසන් මහ තරගය සදහා සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.

මේ අනුව සැරසන්ස් සහ හලාවත මේරියන්ස් යන කණ්ඩායම් වලට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූහ.
සැරසන්ස් කණ්ඩායමට එරෙහිව එන්.සී.සී කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල පන්දු 132 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 110 ක් රැස්කිරීමට සමත්විය.

එන්.සී.සී සහ එස්.එස්.සී කණ්ඩායම් අතර අවසන් මහ තරගය මේ මස 25 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

සැරසන්ස් සහ එන්.සී.සී කණ්ඩායම් අතර කටුනායකදී

එන්.සී.සී පිලට ලකුණු 89 ක ජයක්

එන්.සී.සී - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 327
(නිරෝෂන් දික්වැල්ල 110, උපුල් තරංග 56, ඇන්ජලෝ පෙරේරා 41, මහේල උඩවත්ත 50, චතුරංග ද සිල්වා 58, චතුර රංදුණු 65/2, ඇන්ඩි සොලමන් 71/2)
සැරසන්ස් - ඕවර 43.3 කදී සියලුදෙනා දැවී ලකුණු 238
(රවිඳු ගුණසේකර 31, ඇන්ඩි සොලමන් 22, ගමිඳු අමරසිංහ 21, අශේන් බණ්ඩාර 51, නවිඳු නිර්මාල් 30, සාලිය සමන් 25, රොෂාන් ජයතිස්ස 22, ෆර්වීස් මහරූෆ් 36/2, දුෂ්මන්ත චමීර 41/2, ලසිත් මාලිංග 51/2)

 

හලාවත් මේරියන්ස් සහ එස්.එස්.සී කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

එස්.එස්.සී පිලට කඩුලු 8 ක ජයක්

මේරියන්ස් - ඕවර 41.1 කදී සියලුදෙනා දැවී ලකුණු 138
(ශෙහාන් ජයසූරිය 25, සචිත්‍ර සේරසිංහ 24, ඕශද ප්‍රනාන්දු 43, සචිත්‍ර සේනානායක 16/2, ධම්මික ප්‍රසාද් 23/2, දසුන් ශානක 28/2, ජෙෆ්රි වැන්ඩසේ 37/2)
එස්.එස්.සී - ඕවර 23.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 140
(ධනුෂ්ක ගුණතිලක නොදැවී 78, දසුන් ශානක නොදැවී 26)

 


අදහස් (0)

එන්.සී.සී - එස්.එස්.සී අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.