Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අද (ජනවාරි 5 වැනිදා) එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ 50 වැනි උපන් දිනයයි. වර්ෂ 1971 ජනවාරි 5 වැනිදා, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී ලොව පළමුවැනි එක්දින තරගය පැවැත්වීමට සිදුවූයේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති අළු බඳුන තරගාවලියේ තුන්වැනි තරගය වැස්සට සේදී ගිය බැවිනි.
මෙල්බර්න් ක්‍රීඩාංගණයට රැස්ව සිටි 46,000 ක් පමණ වූ ප්‍රේක්‍ෂකයන්ට කිසියම් ආකාරයක ආශ්වාදයක් දිය යුතු යයි දෙපිලේම ක්‍රීඩකයන් සිතමින් සිටි නමුත් ලෝකයේ පළමු වැනි ටෙස්ට් තරගය පැවැති මෙල්බර්න් පිටියේදීම තමන් තවත් ඓතිහාසික පියවරකට පිවිසෙන බව ඔවුන් කිසිවකුට කල්පනා නොවන්නට ඇත.
ඉතිහාසයේ නියමයක් ලෙසින්, එයින් වසර 94 කට පෙර, වර්ෂ 1877 දී, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ලොව පළමු වැනි ටෙස්ට් තරගය පැවැතියේත් මෙල්බර්න් ක්‍රීඩාංගණයේදීමය. ඕවරයකට පන්දු 8 ක් බැගින් වූ ඕවර 40 තරගයක් ලෙස ලොව පළමු වැනි එක්දින ජාත්‍යන්තර තරගය පැවැත්විණ.
ජෝන් එඞ්රිච් ලකුණු 82 ක් ලබාගත් නමුත් රේමන්ඩ් ඉලිංගවර්ත්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායම ඕවර 39.4 කදී ලකුණු 190 කට දැවී ගියේය. බිල් ලෝරිගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ඒ වන විට ලෝකයේ සිටි ප්‍රබලතම පිතිකරුවන් වූ ඩග් වෝල්ටර්ස්, කීත් ස්ටැක්පෝල් සහ ඉයන් රෙඞ්පාත් මෙන්ම චැපල් සොහොයුරෝද ක්‍රීඩා කළහ. ඕස්ට්‍රේලියානුවෝ ඕවර 34.6 කදී කඩුලු 5 කට ලකුණු 191 ක් ලබාගනිමින් තරගය ජයගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.