Last Update  :  2025-08-23 13:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්ත පිල ජනවාරියේදී ශ්‍රී ලංකාවට

එංගලන්ත පිල ජනවාරියේදී ශ්‍රී ලංකාවට

editorial - 2025 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
එක්දින තරග තුනකට සහ විස්සයි-20 තරග තුනකට සහභාගි වීම සඳහා එංගලන්ත කණ්ඩායම ලබන වසර මුලදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. 2026 ජනවාරි 19 වැනිදා දිවයිනට පැමිණෙන එංගලන්ත කණ්ඩායම එක්දින තරගාවලියෙන් සිය සංචාරය ආරම්භ කරයි.

එක්දින තරග තුනම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර විස්සයි-20 තරග තුනම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එක්දින තරග පස්වරු 2.30 ට ආරම්භ වන අතර විස්සයි-20 තරග පස්වරු 7.00 ට ආරම්භ වේ.

 

තරග කාල සටහන

ජනවාරි 19 - 1 වැනි එක්දින තරගය
ජනවාරි 24 - 2 වැනි එක්දින තරගය
ජනවාරි 27  - 3 වැනි එක්දින තරගය
ජනවාරි 30  - 1 වැනි විස්සයි20 තරගය
පෙබ 01 - 2 වැනි විස්සයි20 තරගය
පෙබ 03 - 3 වැනි විස්සයි20 තරගය


අදහස් (0)

එංගලන්ත පිල ජනවාරියේදී ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.