එංගලන්ත ඇකඩමි කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන කාන්තා කණ්ඩායම අතර බී. ආර්. සී. ක‍්‍රීඩාගංණයේදී අද (11) පැවැති පුහුණු එක්දින තරගයෙන් එංගලන්ත ක‍්‍රීඩිකාවෝ ලකුණු 47 ක ජයක් ලැබූහ.
ශ්‍රී ලංකා කාන්තා පිල නියෝජනය කරන තුන් ඉරියව් ක‍්‍රීඩිකා දීපිකා රසාංගිකා පන්දු 65 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 58 ක් රැස් කළාය.
පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත ඇකඩමි කාන්තා ක‍්‍රිකට් පිල වෙනුවෙන් ටැමි බෙයුමන්ට් නොදැවී 140 ක් රැස් කිරීමට සමත් වූවාය.
එංගලන්ත ඇකඩමි කාන්තා ක‍්‍රිකට් පිල - ඕවර 50 දී කඩුලූ 4 ට 241
(අමාරා කාර් 46, ටැමි බෙයුමන්ට් නොදැවී 140, ෆෑන් විල්සන් 28, දර්ශනී ධර්මසිරි 38/2)
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන කාන්තා පිල - ඕවර 43.1 කදී 194
(ලසන්ති මධුෂානි 16, නිපුනි හංසිකා 15, දීපිකා රසාංගිකා 58, ජී. හෙනෙන්සි 33/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.