
එංගලන්තය පරාජය කිරීම යනු ඕනෑම රට ඕනෑම ක්‍රීඩාවකට මහ විශාල ජයග්‍රහණයකි.
එවන් සුවිශාල ජයග්‍රහණයක අත පොවන මානයට පැමිණි නේපාලය ලකුණු 04 කින් පරාජය කරමින් අවසන් පන්දුවේදී තමන්ගේ සායම බේරාගැනීමට එංගලන්තය යන්තමින් සමත් විය.
යම් හෙයකින් සෑම් කරන් විසින් යවන ලද අවසන් ඕවරයේ අවසන් පන්දුවට හයේ පහරක් වැදුණේ නම් ලෝක කුසලාන තරගයකදීම එංගලන්තය පරාජය කිරීමට නේපාලයට අවස්ථාව තිබිණ.
මුම්බායි නුවර වැන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (ඉරිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 185 ක ඉලක්කයක් කරා ගිය නේපාල ක්‍රීඩකයෝ 20 වැනි ඕවරය නිමාවේදී කඩුලු 6 කට ලකුණු 180 ක් ලබාගනිමින් නතර වූහ.
ජයග්‍රහණය සඳහා තරගයේ අවසන් පන්දු 9 න් නේපාලයට ලකුණු 13 ක් අවශ්‍යව තිබිණ. එය අවසන් ඕවරයේදී ලකුණු 10 ක් විය. එහෙත් සෑම් කරන් යැවූ අවසන් ඕවරය ලකුණු 05 කට සීමාකරගැනීම හේතුවෙන් එංගලන්තයට සැනසුම් සුසුම් හෙළිය හැකිවිය.
පිල් සෝල්ට් වේලාසනින් දැවී ගිය නමුත් ජේකබ් බෙතීල් (55) සහ හැරී බෲක් (53) දෙදෙනාගේ අර්ධ ශතක හේතුවෙන් එංගලන්තය ලකුණු 180 කඩඉම පසුකර ගියේය.
එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 7 ට 184 යි
(ජොස් බට්ලර් 26, ජේකබ් බෙතීල් 55, හැරී බෲක් 53, විල් ජැක්ස් නොදැවී 39, දීපේන්ද්‍ර සිං 23/2, නන්දන් යාදව් 25/2)
නේපාලය - ඕවර 20 කදී කඩුලු 6 ට 180 යි
(කෞෂාල් බෲටල් 29, රෝහිත් පෞඩෙල් 39, දීපේන්ද්‍ර සිං 44, අරීෆ් ෂෙයික් 10, ලෝකේෂ් බාම් නොදැවී 39, ලයාම් ඩෝසන් 21/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.