Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තයේ හොඳම තුරුම්පු එක්දින තරගාවලියෙන් ඉවතට

එංගලන්තයේ හොඳම තුරුම්පු එක්දින තරගාවලියෙන් ඉවතට

editorial - 2020 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස ඇරඹෙන එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානූ සංචාරය සඳහා නම් කරන ලද එක්දින සංචිතයෙන් බෙන් ස්ටෝක්ස්, ජොෆ්රා ආචර් සහ සෑම් කරන් ඉවත් කර ඔවුන්ව විවේක ගැන්වීමට එංගලන්ත තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

බෙන් ස්ටෝක්ස්, ජොෆ්රා ආචර් සහ සෑම් කරන් තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා පමණක් නම් කර ඇති අතර එම තරගාවලිය මේ මස 27 සිට දෙසැම්බර් 1 දක්වා පැවැත්වේ. තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය දෙසැම්බර් 4 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

එංගලන්තය කොරෝනා වයිරස් වසංගතයට අභියෝග කිරීමට උත්සාහ කරන බැවින් ක්‍රීඩකයන්ගේ මානසික සෞඛ්‍යයට ප්‍රමුඛතාවය දිය යුතු බව එංගලන්තය සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ ක්‍රිකට් අධ්‍යක්ෂක ඈෂ්ලි ජයිල්ස් මහතා සහ එක්දින සහ විස්සයි20 නායක ඉයන් මෝගන් අවධාරණය කර ඇත. එංගලන්ත කණ්ඩායමෙන් විශේෂ නිවාඩු ලබාගනිමින් පිළිකා රෝගයෙන් පීඩා විදින සිය පියා බැලීමට නවසීලන්තයට ගොස් සිටි බෙන් ස්ටෝක්ස් පසුව අයි.පී.එල්. තරගාවලියේ මැද භාගයේදී රාජස්ථාන් පිල සමගින් එක්විය.

පළමුව එංගලන්තය සමඟත් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අයි.පී.එල්. තරගාවලියේදී රාජස්තාන් කණ්ඩායම සමගත් පසුගිය මාස කිහිපයක කාලය ජෛව සුරක්ෂිත පරිසරයන් තුළ ගත කළ බවත්, නැවත එයින් නිදහස් වන තෙක් දින ගණන් කරමින් සිටින බවත් ජොෆ්රා ආචර් පසුගිය සතියේ කියා සිටියේය.

එංගලන්ත කණ්ඩායමේ රාජකාරි වලට අමතරව අයි.පී.එල් තරගාවලියේදීද සෑම් කරන්ට චෙන්නායි පිල වෙනුවෙන් අධික බරක් පැටවී තිබුණි.

කෙසේ වෙතත් ටෙස්ට් නායක ජෝ රූට් සහ තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් සඳහා නැවත විස්සයි20 සංචිතයේ ඉඩක් හිමිවී නැත. ස්ටෝක්ස්, කරන් සහ ආචර් වෙනුවට වෝවික්ෂයර් ප්‍රාන්තයේ වේග පන්දු යවන ක්‍රීඩක ඔලී ස්ටෝන්, ලැන්ක්ෂයර් ප්‍රාන්තයේ පිතිකරු ලයාම් ලිවිංග්ස්ටන් සහ සමර්සෙට් තුන් ඉරියව් ක්‍රීඩක ලුවිස් ග්‍රෙගරි එක්දින කණ්ඩායමට නම් කර සිටිති.

එංගලන්ත කණ්ඩායම කේප් ටවුන් නුවරදී ජෛව ආරක්ෂිත බුබුලක රැඳී සිටින අතර පාල්, නිව්ලන්ඞ්ස් සහ බෝලන්ඞ් ක්‍රීඩාංගණයන්හිදී ප්‍රේක්ෂකයින් නොමැතිව එක්දින තරග පැවැත්වේ.


එංගලන්ත එක්දින සංචිතය:

ඔයින් මෝගන් (නායක), මොයින් අලි, ජොනතන් බෙයාර්ස්ටෝ, සෑම් බිලින්ග්ස්, ජොස් බට්ලර්, ටොම් කරන්, ලුවිස් ග්‍රෙගරි, ලයාම් ලිවිංග්ස්ටන්, අදිල් රෂීඞ්, ජෝ රූට්, ජේසන් රෝයි, ඔලී ස්ටෝන්, රීස් ටොප්ලි, ක්‍රිස් වෝක්ස් සහ මාක් වුඞ්.


එංගලන්ත විස්සයි විස්ස සංචිතය:

ඔයින් මෝගන් (නායක), මොයින් අලි, ජොෆ්රා ආචර්, ජොනතන් බෙයාර්ස්ටෝ, සෑම් බිලින්ග්ස්, ජොස් බට්ලර්, සෑම් කරන්, ටොම් කරන්, ක්‍රිස් ජෝර්ඞ්න්, ඬේවිඞ් මැලන්, අදිල් රෂීඞ්, ජේසන් රෝයි, බෙන් ස්ටෝක්ස්, රීස් ටොප්ලි සහ මාක් වුඞ්.


අදහස් (0)

එංගලන්තයේ හොඳම තුරුම්පු එක්දින තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.