Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තයට ලකුණු 113 ක ජයක්

එංගලන්තයට ලකුණු 113 ක ජයක්

editorial - 2020 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මැන්චෙස්ටර්හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 113 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම අද (20 වැනිදා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 312 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තරගයේ පස්වැනි දිනය වූ අද සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 198 ක් පමණි.

කොදෙව් දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශාමර් බෘක්ස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 62 ක් රැස්කළ අතර 7 වැනි කඩුල්ල ලෙස සෑම් කරන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් පිටියෙන් ඉවත්ව ගියේය. ඩොමිනික් බේස්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටෙන විට නායක ජේසන් හෝල්ඩර් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 35 ක් ලබා සිටියේය.

හතරේ පහර 7 ක් සමග ලකුණු 55 ක් ලබා සිටි ජර්මේන් බ්ලැක්වුඞ් දැවී යෑමත් සමග තේ පානය සඳහා තරගය නතර කිරීමට විසිසුරුවෝ පියවර ගත්හ. බෙන් ස්ටෝක්ස්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමින් බ්ලැක්වුඞ් දැවී ගියේය.

දැවී යෑමට පෙර බෘක්ස් සමග එක්ව කොදෙව් ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවක් පැවැත්වීමටද බ්ලැක්වුඞ් සමත් විය. දිවා ආහාරයෙන් මඳ වේලාවකට පසුව රොස්ටන් චේස් ලකුණු 6 කට දැවී ගියේ ස්ටුවට් බ්‍රෝඞ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි.

කොදෙව් ඉනිමේ පළමු කඩුල්ල ලෙස ස්ටුවට් බ්‍රෝඞ්ගේ පන්දුවක් හමුවේ ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමින් ජෝන් කැම්බල් ලකුණු 4 කට දැවී ගියේය. ආරම්භක පිතිකරු ක්‍රේග් බ්‍රැත්වේට් ලකුණු 12 කට දැවී ගියේ ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි. දිවා ආහාරයට ඔන්න මෙන්න කියා තිබියදී ශායි හෝප්ගේ (7) කඩුල්ල බිඳදැමූ බ්‍රොඞ්, කොදෙව් කණ්ඩායම අසීරු තත්වයකට ඇද දැමුවේය.

සිවුවැනි දිනය වූ ඊයේ (19 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 32 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම, අද පෙරවරුවේ සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 97 ක් එක්කර ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා කොදෙව් කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.

එංගලන්ත පළමු ඉනිමේදී ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 176 ක් රැස්කළ බෙන් ස්ටෝක්ස්, දෙවැනි ඉනිමේදී ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිස වේගවත් පිතිහරඹය නිරත වෙමින් පන්දු 57 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 78 ක් රැස්කළේය.

එංගලන්ත දෙවැනි ඉනිමේ මුලු ලකුණු සංඛ්‍යාව 17 ක් වන විට ජොස් බට්ලර් (0) සහ සැක් ක්‍රොව්ලි (11) ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට කේමර් රෝච් සමත් විය. එහෙත් නායක ජෝ රූට් (22) සමග එක්වූ ස්ටෝක්ස්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 66 කදී ලකුණු 73 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් පන්දු යවන්නන් අසරණ කළේය.

එංගලන්ත පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 469

කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 287
(ක්‍රෙග් බ්‍රැත්වේට් 75, අල්සාරි ජෝෂප් 32, ශායි හෝප් 25, ශාමර් බෘක්ස් 68, රොස්ටන් චේස් 51, ක්‍රිස් වෝක්ස් 42/3, ස්ටුවට් බ්‍රෝඞ් 66/3, සෑම් කරන් 70/2)

එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 129
(බෙන් ස්ටෝක්ස් නොදැවී 78, ජෝ රූට් 22, කේමර් රෝච් 37/2)

කොදෙව් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 198
(ශාමර් බෘක්ස් 62, ජර්මේන් බ්ලැක්වුඞ් 55, ජේසන් හෝල්ඩර් නොදැවී 35, ස්ටුවට් බ්‍රෝඞ් 42/3, බෙන් ස්ටෝක්ස් 30/2, ක්‍රිස් වෝක්ස් 34/2, ඩොමිනික් බේස් 59/2)

-036


අදහස් (0)

එංගලන්තයට ලකුණු 113 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.