ඉසිපතන විද්‍යාලය සහ සහීරා විද්‍යාලය අතර පැවැති අන්තර් පාසල් වයස 19න් පහළ ක‍්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය. මෙම තරගය සති අන්තයේදී සහීරා විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පළමු දිනය අවසන් වන විට සහීරා විද්‍යාලය කඩුලූ 4 ක් දැවී ලකුණු 72 ක් රැස්කරගෙන අසීරු තත්වයක සිටියදී මැදපෙළ පිතිකරුවන්වු ශෙහාන් වීරසිංහ සහ තුවාන් සෆ්රාන් යම්තාක් දුරට සාර්ථක වෙමින් අර්ධ ශතක ලබාගත්තද ලකුණු 260 කට සියලූ දෙනා දැවී යාම නිසා පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට අපොහොසත්විය. කැළුම් බැස්ටියන් කඩුලූ 5 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ඉසිපතන විදුහල - පළමු ඉනිම ඕවර 76.5 කදී සියලූ දෙනා දැවී 271
(සචිත් ජයසූරිය 118, සලින්ද උෂාන් 52, සහන් වීරකෝන් 25, ප‍්‍රමෝද් මදුවන්ත 22, චමීර දිසානායක 20, මොහොහඞ් රෆායිඞීන් 118/5, තුවාන් සෆ්රාන් 18/2)
සහීරා විදුහල - පළමු ඉනිම ඕවර 71.3 කදී සියලූ දෙනා දැවී 260
(ශෙහාන් වීරසිංහ 65, තුවාන් සෆ්රාන් 57, මොහොහඞ් ශහීන් නොදැවී 35, අර්ශාඞ් ඉමාමුඞීන් 22, කැළුම් බැස්ටියන් 59/5, චමීර දිසානායක 59/3, කමින්ද පෙරේරා 40/2)
ඉසිපතන විදුහල - දෙවන ඉනිම ඕවර 44 කදී කඩුලූ 4 ක් දැවී 119
(ටොරී තාබ‍්‍රෘ නොදැවී 55, සචිත් ජයසූරිය 23, ප‍්‍රමෝද් මදුවන්ත නොදැවී 19, නික්සී අහමඞ් 29/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.