Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය පිතිකරුවෝ අසීරු ගමනක

ඉන්දීය පිතිකරුවෝ අසීරු ගමනක

editorial - 2021 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිට දඟ පන්දු යවන ඩොමිනික් බෙස්ගේ (55/4) සාර්ථක පන්දු යැවීම නිසා ඉන්දීය පිතිකරු ලයිස්තුවේ මැදින් ඉරාගත් එංගලන්ත ක්‍රීඩකයෝ චෙන්නායිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (ඉරිදා) සවස තරගය නතර කරන විට ලකුණු 257 කට කඩුලු 6 ක් බිම දමාගත්හ. පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීම සඳහා ලකුණු 378 ක ඉලක්කයක් කරා යන ඉන්දීය පිලට එම ඉලක්කය කරා අවතීර්ණ වීමට නම් තවත් ලකුණු 122 ක් ලබාගත යුතුව තිබේ. 

පළමු ඉනිමේදී ලකුණු 578 ක් ලබාගත් එංගලන්ත කණ්ඩායම තරගයේ ග්‍රහණය ක්‍රම ක්‍රමයෙන් වැඩි කරමින් සිටී. 

ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 4 ම ලකුණු 73 කට ඇද වැටුණ නමුත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 119 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ චෙටේස්වාර් පුජාරා (73) සහ රිෂාබ් පන්ට් (91) ඉන්දීය බලාපොරොත්තු ඉහළ නැංවූහ. එහෙත් ශතකය පෙනි පෙනී සිටි රිෂාබ් විනාඩි 137 කට පසුව දැවී යාම ඉන්දීය පිලේ බලාපොරොත්තු කඩ කරන්නක් විය. තරමක් වේගවත් පිතිහරඹයක නිරත වූ රිෂාබ් ලකුණු 91 ලබාගත්තේ පන්දු 88 කින් 9 ක් හතරේ සීමාවෙන් එපිටටත් තවත් 5 ක් ඊට ඉහළිනුත් යවමිනි. 

පන්ට් දැවී යාමෙන් පසුව වොෂින්ටන් සුන්දර් සහ රවිචන්ද්‍රන් අශ්වින් උරදී සිටිති. 

විරාට් කෝලිගේ ඉනිම ලකුණු 11 කට සීමාකළ ඩොමිනික් බෙස් දිනය අවසන් වන විට ලකුණු 55 කට කඩුලු 4 ක් ලබා සිටියේය. ගුවනේ පා කර යැවූ පන්දුවකින් ඉන්දීය නායකයා මුළා කළ බෙස්, පිතිකරුවා ඉදිරියට කැඳවීය. එම අවස්ථාවේදී ෆෝවර්ඩ් ෂෝට් ලෙග්හි සිටි ඔලී පෝප් තියුණු උඩපන්දුවක් රැකගනිමින් ඉන්දීය නායකයාගේ ඉනිම අවසන් කළේය. 

බෙස්ගේ ඊළඟ ඕවරයේදී තමන්ගේ වම් අත පැත්තට කදිම පිම්මක් පැන්න ජෝ රූට්, විශිෂ්ට උඩපන්දු රැකීමකින් අජින්ක්‍යා රහනේගේ ඉනිම එක ලකුණකින් කෙළවර කළේය. මෙම පිතිකරුවන් දෙදෙනාගේ දැවී යාම් ඉන්දීය පිල අපේක්‍ෂා නොකළ අන්දමේ දැඩි ප්‍රහාරයක් විය. 

එංගලන්තය පළමු ඉනිම 578 යි

ඉන්දියාව - පළමු ඉනිම කඩුලු 6 ට 257 යි
(ෂුබ්මන් ගිල් 29, චෙටේස්වාර් පුජාරා 73, විරාට් කෝලි 11, රිෂාබ් පන්ට් 91, වොෂිංන්ටන් සුන්දර් නොදැවී 33, ජොෆ්රා ආචර් 52/2, ඩොමිනික් බෙස් 55/4)

- 213


අදහස් (0)

ඉන්දීය පිතිකරුවෝ අසීරු ගමනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.