Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාවට අභියෝගාත්මක ඉලක්කයක්

ඉන්දියාවට අභියෝගාත්මක ඉලක්කයක්

editorial - 2021 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ඉන්දීය පිල මුදාහළ නමුත් චෙන්නායි ටෙස්ට් තරගය ජයගැනීමට නම් සිව්වැනි ඉනිමේදී ලකුණු 420 ක් ලබාගන්නා ලෙස එංගලන්ත නායක ජෝ රූට් ඉන්දියාවට අභියෝග කළේය. ලකුණු 420 ක ඉලක්කයක් කරා යන ඉන්දීය කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (8 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 39 ක් ලබා සිටියේය.

පළමු ඉනිමේදී එංගලන්තය ලබාගත් දැවැන්ත ලකණු 578 ට පිළිතුරු වශයෙන් ඉන්දියාවට ලබාගත හැකිවූයේ ලකුණු 337 ක් පමණි. මුල් ඉනිමේදී ලකුණු 241 ක වාසියක් තිබියදීත් නැවත වරක් පිති අතට ගත් එංගලන්ත කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලකුණු 178 කට දැවී ගියේ ඉන්දියාවට ලකුණු 420 ක ඉලක්කයක් නිර්මාණය කරමිනි.

තරගය ජයගැනීම සඳහා ඉන්දීය පිල අවසන් දිනයේදී ලකුණු 381 ක් ලබාගත යුතුය. එහෙත් එංගලන්ත පන්දු යවන්නන්ගේ පුහුණුකරු ජොන් ලුවිස් මහතා කියා සිටින්නේ තමන් තරගයේ ඉදිරියෙන් සිටින බවයි.

කඩලු 6 කට ලකුණු 257 ක් ලබා සිටියදී දිනයේ ක්‍රීඩාව ආරම්භ කළ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක නිරත වූ වොෂිංටන් සුන්දර් සහ රවිචන්ද්‍රන් අශ්වින් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 ක සම්බන්ධතාවක් පිහිටුවමින් ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ. එහෙත් අශ්වින්ගේ දැවී යාමෙන් පසුව ඉන්දීය ඉනිම රඳවා ගත හැකිවූයේ විනාඩි 25 ක් පමණි.

එංගලන්තයේ අපේක්‍ෂාව වූයේ එන්න එන්නම කැඩී යමින් පවතින තණතීරුවක සිව්වැනි ඉනිමේදී පන්දුවට පහර නොදීමයි. එබැවින් එංගලන්තය නැවතත් පිති අතට ගත් නමුත් ලකුණු 178 දී එය නිමා විය.

ඉන්දීය දෙවැනි ඉනිමේදී රෝහිත් ෂර්මා නැවත වරක් අසාර්ථක වූ නමුත් ෂුබ්මන් ගිල් සහ චෙටේස්වාර් පුජාරා දිනය අවසන් වන තෙක් සිය කඩුලු රැකගත්හ.

 

එංගලන්තය - පළමු ඉනිම 578 යි
ඉන්දියාව - පළමු ඉනිම 337 යි
එංගලන්තය - දෙවැනි ඉනිම 178 යි

ඩොමිනික් සිබ්ලි 16, ඩැනියෙල් ලෝරන්ස් 18, ජෝ රූට් 40, ඔලී පෝප් 28, ජොස් බට්ලර් 24, ඩොම් බෙස් 25, රවිචන්ද්‍රන් අශ්වින් 6/6, ශබාස් නඩීම් 66/2)

ඉන්දියාව - දෙවැනි ඉනිම කඩුලු 1 ට 39
(රෝහිත් ෂර්මා 12, ෂුබ්මන් ගිල් නොදැවී 15, චෙටේස්වාර් පුජාරා නොදැවී 12)

- 213


අදහස් (0)

ඉන්දියාවට අභියෝගාත්මක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.