Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආසියානු තරගාවලියේ චෝදනා විමසුමට කමිටුවක්

ආසියානු තරගාවලියේ චෝදනා විමසුමට කමිටුවක්

සංජය එරමුදුගොඩ - 2015 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙදහස් දහය වසරේ ශී‍්‍ර ලංකා සත්කාරකත්වයෙන් පැවැති ආසියානු ක‍්‍රිකට් තරගාවලියේදී ඉන්දීය  තරගය පාවාදීම පිළිබදව එල්ල වන චෝදනා විමර්ශනය කිරීම සදහා කමිටුවක් පත් කරන ලෙස ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙක් සංචාරක හා ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියි.

මේ පිළිබඳව අදහස් දක්වන විධායක කමිටු සාමාජිකයා සදහන් කරනුයේ තරග පාවාදීම පිළිබඳව විධිමත් විමර්ශනයක් කර නොමැති බවත්, එය දිග්ගැස්සෙමින් පවතින බවත්ය.

එසේම එම විමර්ශනය බාහිර පාර්ශවයන්ගේ බලපෑමකින් තොරව කිරීම සඳහා ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින්ම විමර්ශනය කරන ලෙසද එම සාමාජිකය ක‍්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

බුකිකරුවන්ට සම්බන්ධයැයි කියන කාන්තාවක් ඉන්දීය කණ්ඩායම දඹුල්ලේ රැදී සිටි හෝටලයට ගොස් එහි කී‍්‍රඩකයෙකු රැදීසිටි කාමරයට ඇතුඵවී ඇති බවට චෝදනා එල්ල වන අතර එය එම හෝටලයේ තිබූ සී. සී. ටී. වී දර්ශන වලින් ඔප්පු වූ බවත් පසුව වාර්තා විය. මේ පිළිබඳව වාර්තාවක් සකස් කළත් එයට වූ දෙයක් මේවනතෙක් වාර්තා වී නොමැත.

ක‍්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යොමු කරන විධායක කමිටු සාමාජිකයා තවදුරටත් සඳහන් කරන්නේ දඹුල්ලේ සිදුවීමට සම්බන්ධ සියලු පාර්ශවයන්ගෙන් ප‍්‍රකාශ ලබාගත යුතු බවයි.

 

 

 

 

 


අදහස් (0)

ආසියානු තරගාවලියේ චෝදනා විමසුමට කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.