Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ආරක්‍ෂක සේවා කාන්තා සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත්හ. වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදි නාවික හමුදා කාන්තා පිලට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගනිමින් ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදා කාන්තා පිලට හැකිවිය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නාවික හමුදා කාන්තා පිලට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 171 ක් පමණි.
හර්ෂිතා සමරවික්‍රම පන්දු 98 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 46 ක් සහ හංසිමා කරුණාරත්න පන්දු 70 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 40 ක් රැස්කිරීමට සමත්වූහ. එහෙත් සෙසු පිතිකාරිණියන්ට සාර්ථක පිතිහරඹයක නිරත වීමට ගුවන් හමුදා පන්දු යවන්නියන්ගෙන් අවසර නොලැබිණ. ගුවන් හමුදා පිලේ අමා කාංචනා, චමරි පොල්ගම්පොල සහ ඉනෝෂි ප්‍රනාන්දු කඩුලු 2 බැගික් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ඕවර 49.1 කදී කඩුලු 7 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. ලකුණු 141 කට කඩුලු 7 ක් දැවී තිබියදී නායිකා අමා කාංචනා සහ ඕෂධී රණසිංහ එක්ව ලකුණු 32 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින් ගුවන් හමුදා පිල ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ. අමා කාංචනා පන්දු 45 කදී හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 35 ක් ලබාගත් අතර ඕෂධී රණසිංහ පන්දු 17 කදී හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 11 ක් ලබාගත්තාය.
සත්‍යා සංදීපනි සිය ඕවර 10 ලකුණු 29 කට සීමාකරමින් කඩුලු 4 ක් දවාගත්තද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට එය ප්‍රමාණවත් නොවීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ කාන්තා සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව දිනාගැනීමටද ගුවන් හමුදා කාන්තා ‘ඒ’ පිල සමත්විය.
ගුවන් කොමදෝරූ ඕ.ඒ.එන්.එස්. ප්‍රනාන්දු (සභාපති), ගෲප් කැප්ටන් එස්.පී. ජයසිංහ (ලේකම්), ස්කොඩ්ඩ්‍රන් ලීඩර් එම්.එච්.කේ. අබේසිංහ (උපලේකම්), සැරයන් එච්.කේ.ටී. ප්‍රසාද් (කළමණාකරු), කෝප්‍රල් එච්.එම්.සී.එම්. බණ්ඩාර (පුහුණුකරු) සහ බලපංති සැරයන් බී.ආර්.එස්. බණ්ඩාර (අභ්‍යාසක) යන මහත්ම මහත්මීන් ගුවන් හමුදා ක්‍රිකට් නිලධාරීහු ලෙස කටයුතු කරති.
නාවික හමුදාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 171
(හසිනි පෙරේරා 26, හර්ෂිතා සමරවික්‍රම 46, හංසිමා කරුණාරත්න 40, අමා කාංචනා 22/2, චමරි පොල්ගම්පොල 29/2, ඉනෝෂි ප්‍රනාන්දු 32/2)
ගුවන් හමුදාව - ඕවර 49.1 කදී කඩුලු 7 ක් දැවී 173
(යශෝධා මෙන්ඩිස් 24, ඩිලානි මනෝදරා 23, ලිහිණි අප්සරා 32, අමා කාංචනා නොදැවී 35, ඕෂධී රණසිංහ නොදැවී 11, සත්‍යා සංදීපනි 29/4)
-2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.