‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ දෙවැනි වටයේ තරගයකදී කොළඹ ආනන්ද විදුහල පරදවා ලකුණු 28 ක ජයක් අත්කර ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 251 ක ඉලක්කයක් හඹාගිය ආනන්ද විදුහලට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 222 ක් පමණි. ආනන්ද විදුහල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කවිෂ්ක අංජුල ලකුණු 84 ක් රැස්කළ අතර ලකුණු 47 කට කඩුලූ 5 ක් දවාගත් ධර්මාශෝක විදුහලේ සචින් දිවාංජන තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.
ධර්මාශෝක විදුහල - ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 250
(කවීෂ දිල්රංග 74, සචින් දිවාංජන 39, ශම්මු අශේන් 53/3, කවිෂ්ක අංජුල 53/2)
ආනන්ද විදුහල - ඕවර 47 කදී සියලූ දෙනා දැවී 222
(රහල් අවිෂ්ක 22, නිසල් ප‍්‍රැන්සිස්කෝ 39, කවිෂ්ක අංජුල 84, සචින් දිවාංජන 47/5, භානුක දිල්ෂාන් 41/3, සිතුම් රණවීර 23/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.