ආනන්ද විදුහල සහ නාලන්ද විදුහල අතර එස්.එස්.සී ක‍්‍රීඩාංගණයේදී පැවැති 42 වැනි වාර්ෂික එක්දින ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 38 ක ජයක් ලැබීමට ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ අද (20 වැනිදා) සමත්වූහ.
මෙම ජයත් සමග විදුහල් දෙක අතර පැවැති එක්දින තරග වලින් තරග 26 ක් ජයගැනීමට ආනන්ද විදුහල සමත්වූ අතර තරග 12 ක් ජයගැනීමට නාලන්ද විදුහල සමත්වී තිබේ. තරග 4 ක් ජය පරාජයෙන් තොරව අවසන්විය.
කාසියේ වාසිය දිනු නාලන්දා විදුහල මුලින්ම පන්දුවට පහරදීමට ආනන්ද විදුහල් පිලට ආරාධනා කල අතර ඕවර 50 අවසානයේදී සියලූදෙනා දැවී ලකුණු 271 ක් රැස් කිරීමට ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වූහ.
වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ කවිෂ්ක අංජුල පන්දු 77 කදී හතරේ පහර අටක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 100 ක් ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිරතවිය. සම්මු අශාන් පන්දු 61 කදී හතරේ පහර පහක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 54 ක් ලබාගත්තේය.
සිව්වැනි කඩුල්ල සදහා පන්දු 92 කදී ලකුණු 76 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සම්මු අශාන් සහ අසෙල් සිගේරා සමත්වූ අතර නමවන කඩුල්ල සදහා පන්දු 91 කදී ලකුණු 96 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට කවිෂ්ක අංජුල සහ දිනුක ගිමිහාන සමත්වූහ.
ලකුණු 272 ක ඉලක්කයක් හඹාගිය නාලන්දා විදුහල ලකුණු 233 කට සීමාකිරීමට ආනන්ද විදුහල් පන්දු යවන්නෝ සමත්වූහ. නිම්නක රත්නායක පන්දු 66 කදී හතරේ පහර හතක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 71 ක් සහ ලක්ෂිත රසාංජන පන්දු 80 කදී හතරේ පහර අටක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 71 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද තරගය ජයග‍්‍රහණය කිරීමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය.
අසෙල් සිගේරා ලකුණු 33 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් ද දස්කම් දැක්වීය.
දෙවන කඩුල්ල සදහා පන්දු 134 කදී ලකුණු 134 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට නිම්නක රත්නායක සහ ලක්ෂිත රසාංජන සමත්වූහ.
තරගයේ වීරයා සම්මානය ආනන්ද විදුහලේ කවිෂ්ක අංජුල දිනාගත් අතර නාලන්දා විදුහලේ ලක්ෂිත රසාංජන දක්ෂතම පිතිකරුට හිමි සම්මානය දිනගැනීමට සමත්විය. දක්ෂතම පන්දුයවන්නාට හිමි සම්මානය ආනන්ද විදුහලේ අසෙල් සිගේරා හිමිකරගත් අතර දක්ෂතම පන්දු රකින්නාට හිමි සම්මානය නාලන්දා විදුහලේ කසුන් සදරුවන් විසින් දිනාගන්නා ලදී.
ආනන්ද විදුහල - ඕවර 50 කදී සියලූදෙනා දැවී ලකුණු 271
(කවිෂ්ක අංජුල නොදැවී 100, සම්මු අශාන් 54, අසෙල් සිගේරා 30, දිනුක ගිමිහාන 30, කළන පෙරේරා 35/2, උනෙක්ෂ දිල්ෂාන් 42/2)
නාලන්ද විදුහල - ඕවර 48.2 කදී සියලූදෙනා දැවී ලකුණු 233
(නිම්නක රත්නායක 71, ලක්ෂිත රසාංජන 71, සුරංග විජේවර්ධන 37, අසෙල් සිගේරා 33/3, දිලීප ජයලත් 42/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.