බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ලෝක කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ප්‍රදර්ශන විස්සයි20 ක්‍රිකට් තරගය සඳහා ලෝක කණ්ඩායම නියෝජනය කිරීමට කැමැත්ත පළකර සිටි සහීඞ් අෆ්රිඩිට දණහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙවර ලෝක ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව මග හැරී යනු ඇත. මේ මස 31 වැනිදා එංගලන්තයේ ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වීමට නියමිතව ඇත.
ටුවිටර් ගිණුමේ සටහන් තබමින් සහිඞ් අෆ්රිඩි පවසා තිබුණේ, තමන්ගේ ආබාධ තත්ත්වය සුව වීම සඳහා තවත් සති තුන හතරක පමණ කාලයක් ගත වන බවයි. නමුත් තරගය පැවැත්විම සඳහා තවත් ඇත්තේ සති දෙකක පමණ කාලයක් නිසා අෆ්රිඩිට මෙම තරගයට සහභාගී වීමට අවස්ථාව නොලැබේ.
ඉර්මා හා මරියා කුණාටු නිසා විනාශයට පත් වූ කොදෙව් දූපත්හි ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩාංගණ නැවත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම විස්සයි 20 තරගය සංවිධානය කර ඇත.
බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක සකීබ් අල් හසන් පෞද්ගලික හේතුවක් මත තරගයට සහභාගි නොවන අතර මේ තත්ත්වය මත 17 හැවිරිදි නේපාල් ක්‍රීඩක සන්දීප් ලැමිචාන්ද ලෝක කණ්ඩායම එක් කර ඇත.
එංගලන්ත ක්‍රීඩක ඔයින් මෝගන් මෙවර ලෝක ක්‍රිකට් කණ්ඩායම මෙහෙය වන අතර ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා ද එම කණ්ඩායමට ඇතුළත්ව සිටී.
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.