Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අෆ්රිඩි - රියාස් පාකිස්තානයට ජය ගෙනෙති

අෆ්රිඩි - රියාස් පාකිස්තානයට ජය ගෙනෙති

editorial - 2020 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
ශහීන් අෆ්රිඩි (49/5) සහ වහබ් රියාස්ගේ (41/4) විශිෂ්ට පන්දු යැවීම හමුවේ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව රාවල්පින්ඩිහිදී ඊයේ (30 වැනිදා) පැවැති පළමු එක්දින තරගය ලකුණු 26 කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද පාකිස්තානයට හැකි විය.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 281 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ.

හැරිස් සොහෙල් සහ ඉමාම් උල් හක් අර්ධ ශතක ලබාගනිමින් පාකිස්තාන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ. හැරිස් සොහෙල් පන්දු 82 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 71 ක් රැස්කළ අතර ඉමාම් උල් හක් පන්දු 75 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 58 ක් රැස්කළේය.

පසුපෙළ පිතිකරුවන්වූ ෆාහීම් අෂ්රාෆ් පන්දු 16 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 23 ක් සහ ඉමාඞ් වසීම් පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 34 ක් ලබාගනිමින් පාකිස්තානු ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූහ.

බ්ලෙසිංග් මුසරබානී සහ ටෙන්ඩායි චිසොරෝ කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුනු 282 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ පිලට ශහීන් අෆ්රිඩිගේ සහ වහබ් රියාස්ගේ පන්දු යැවීම හමුවේ ඕවර 49.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 255 ක් පමණි.

ශහීන් අෆ්රිඩි ලකුණු 49 කට කඩුලු 5 ක් දවාගත් අතර වහබ් රියාස් ලකුණු 41 කට කඩුලු 4 ක් දවාගත්තේය.

විශිෂ්ට පිතිහරඹයක නිරතවූ බ්‍රෙන්ඩන් ටේලර් ශතකයක් ලබාගැනීමට සමත්වුවද කණ්ඩායමේ පරාජයත් සමගින් එය ඵල රහිතවිය. පන්දු 117 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 112 ක් ලබාගැනීමට ටේලර් සමත්විය.

වෙස්ලි මධීවේරේ (55) අර්ධ ශතකයක් සහ ක්‍රෙග් අර්වින් ලකුණු 41 ක් ලබාගත්තද සෙසු පිතිකරුවන්ගේ ආසාර්ථකත්වය හේතුවෙන් සිම්බාබ්වේ පිලට පරාජය අත්විය.

පාකිස්තානය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 281
(ඉමාම් උල් හක් 58, අබිඞ් අලී 21, හැරිස් සොහෙල් 71, ෆාහීම් අෂ්රාෆ් 23, ඉමාඞ් වසීම් නොදැවී 34, බ්ලෙසිංග් මුසරබානී 39/2, ටෙන්ඩායි චිසොරෝ 31/2)

සිම්බාබ්වේ - ඕවර 49.4 කදී සියලුදෙනා දැවී 255
(ක්‍රෙග් එර්වින් 41, බ්‍රෙන්ඩන් ටේලර් 112, වෙස්ලි මධීවේරේ 55, ශහීන් අෆ්රිඩි 49/5, වහබ් රියාස් 41/4)

-2079

 


අදහස් (0)

අෆ්රිඩි - රියාස් පාකිස්තානයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.