දකුණු අතේ අබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට මාර්තු මාසයේදී පැවැත්වෙන ‘නිදහස් කුසලාන’ තුන්කොන් විස්සයි20 තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී තිබේ.
බංග්ලාදේශ සංචාරය අතරතුර පන්දු රැකීමේ පුහුණුවීම්වල නිරතව සිටියදී ගුණරත්න දකුණු අතේ අබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් ඔහුට බංග්ලාදේශයට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියද අහිමි විය. මේ වන විට 32 වැනි වියේ පසුවන ගුණරත්න සිය ආබාධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේදී ප්‍රතිකාර ලබමින් සිටී.
ශ්‍රී ලංකාව නියේජනය කරමින් විස්සයි20 තරග 12 කට සහභාගි වී ඇති ගුණරත්න අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 225 ක් රැස්කරගෙන සිටින අතර විස්සයි-20 තරග වලදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 5 කි.
ඉකුත් වසරේදී (2017) පෙබරවාරි මස ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේ තරග 2 කදී පිට පිටම අර්ධ ශතක 2 ක් ලබාගනිමින් එම තරග 2 ම ජයග්‍රහණය කරා මෙහෙයවීමටද ගුණරත්න සමත් විය.
ගුණරත්නට අමතරව ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩාමේ නායක ඇන්ජලෝ මැතිව්ස්, කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා, වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප්ද මේ වන විට විවිධ ආබාධයන්ට ලක්ව සිටිති.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ‘නිදහස් කුසලාන’ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 6 වැනිදා ආරම්භ වන අතර 18 වැනිදා අවසන් වේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.