ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැඟී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) ආරම්භ විය. එස්.එස්.සී. පිල සහ කොල්ට්ස් පිල අතර පැවැත්වෙන මෙම තරගයේදී එස්.එස්.සී. කණ්ඩායම කඩුලු 8 කට ලකුණු 385 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය.
පිත්තෙන් දස්කම් දැක්වූ චරිත් අසලංක (115) ශතකයක් ලබාගනිමින් එස්.එස්.සී. ලකුණු පුවරුව ඉහළ දමන විටදී ඔහුට අනගි සහයක් ලබාදුන් සඳුන් වීරක්කොඩි (84) සහ කවිඳු කුලසේකර (67) අර්ධ ශතක ලබාගනිමින් අනගි සහයක් ලබාදුන්හ.
මහේෂ් තීක්‍ෂණ කඩුලු 3 ක්ද කවිෂ්ක අංජුල සහ චලන ද සිල්වා කඩුලු 2 ක බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
පළමු දිනයට තරගය අවසන් කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දු පහරදීමට පැමිණි කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 12 කට එක් කඩුල්ලක් අහිමිකර ගෙන සිටියේය.
එස්.එස්.සී කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 84.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 385
(චරිත් අසලංක 115, සඳුන් වීරක්කොඩි 84, කවිඳු කුලසේකර 67, ක්‍රිෂාන් සංජුල නොදැවී 26, මහේෂ් තීක්‍ෂණ 76/3, කවිෂ්ක අංජුල 60/2, චලන ද සිල්වා 94/2)
කෝල්ට්ස් කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 2.3 කදී කඩුල්ලක් දැවී ලකුණු 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.