වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘ඒ’ කොටසේ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සම්පත් බැංකුව, මාස් යුනිචෙලා, ටීජේ ලංකා සහ ජෝන් කීල්ස් කණ්ඩායම් අද (31) සමත්විය.
කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරග වලදී මාස් සිලුයේටා පිලට එරෙහිව ලකුණු 70 ක ජයක් හිමිකර ගැනීමට සම්පත් බැංකු කණ්ඩායමත්, එල්.බී.ෆිනෑන්ස් පිලට එරෙහිව ලකුණු 19 ක ජයක් හිමිකර ගැනීමට මාස් යුනිචෙලා පිලත් සමත්විය.
වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැති තරග වලදී ඩිමෝ පිලට එරෙහිව ලකුණු 4 ක ජයක් හිමිකර ගැනීමට ටීජේ ලංකා පිලත්, කොමර්ෂල් ක්‍රෙඩිට් පිලට එරෙහිව ලකුණු 29 ක ජයක් හිමිකර ගැනීමට ජෝන් කීල්ස් පිලත් සමත්විය.
සම්පත් බැංකු පිලේ සමීන් කඳනාරච්චි (71) සහ ප්‍රිමෝෂ් පෙරේරා (53), එල්.බී.ෆිනෑන්ස් පිලේ ඉසුරු උදාන (55), ජෝන් කීල්ස් පිලේ ඉෂාන් ජයරත්න (50) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට (01 වැනිදා) වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
සම්පත් බැංකු පිලට ලකුණු 70 ක ජයක්
සම්පත් බැංකුව - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 184
(සමීන් කඳනාරච්චි 71, ප්‍රිමෝෂ් පෙරේරා 53, චරන නානායක්කාර 19/2, ධනංජය ලක්ෂාන් 42/2)
මාස් සිලුයේටා - ඕවර 17.1 කදී සියලුදෙනා දැවී ලකුණු 114
(ඇන්ජලෝ එම්මානුවෙල් 30, ජීවන් මෙන්ඩිස් 08/2, දුෂ්මන්ත චමීර 18/2, සචිත්‍ර පෙරේරා 25/2)
මාස් යුනිචෙලා පිලට ලකුණු 19 ක ජයක්
මාස් යුනිචෙලා - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 174
(තිලකරත්න සම්පත් 36, චාමර සිල්වා නොදැවී 35, ප්‍රියමාල් පෙරේරා 31, ශෙහාන් ජයසූරිය 26/2)
එල්.බී.ෆිනෑන්ස් - ඕවර 19.2 කදී සියලුදෙනා දැවී ලකුණු 155
(ඉසුරු උදාන 55, ශෙහාන් ජයසූරිය 38, නිපුන් රංසික 28/4, තිලකරත්න ඩිල්ෂාන් 10/2)
ටීජේ ලංකා පිලට ලකුණු 4 ක ජයක්
ටීජේ ලංකා - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 175
(ශාලික කරුණානායක 37, මිනෝද් භානුක 25, නිසල තාරක 26/2, තීක්‍ෂිල ද සිල්වා 30/2, කවිෂ්ක අංජුල 42/2)
ඩිමෝ - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 171
(පුලින තරංග 34, රමේෂ් මෙන්ඩිස් 24, නිපුන් කරුණානායක නොදැවී 23, තීක්‍ෂිල ද සිල්වා 20, සචිත්‍ර සේනානායක 23/3, චලන ද සිල්වා 39/2, සාලිය සමන් 03/2)
ජෝන් කීල්ස් පිලට ලකුණු 29 ක ජයක්
ජෝන් කීල්ස් - ඕවර 20 කදී සියලුදෙනා දැවී ලකුණු 153
(ඉෂාන් ජයරත්න 50, විකුම් සංජය 21, ජෙහාන් ඩැනියල් 20, විශ්ව ප්‍රනාන්දු 26/3, ඩිල්ශාන් මුණවීර 05/2, චතුරංග ද සිල්වා 26/2)
කොමර්ෂල් ක්‍රෙඩිට් - ඕවර 18.1 කදී සියලුදෙනා දැවී ලකුණු 124
(අෂේන් බංඩාර 34, චාමර කපුගෙදර 31, වනිඳු හසරංග 31, ශිරාස් මොහොමඞ් 17/2, භානුක රාජපක්ෂ 30/2, විකුම් සංජය 31/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.