Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවසන් දින දෙකේදී තියුණු සටනක්

අවසන් දින දෙකේදී තියුණු සටනක්

editorial - 2020 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මූලික වටය අවසන් වීමට තවත් තරග 2 ක් පමණක් ඉතිරිව තිබියදී කඩයිම් වටයට සුදුසුකම් ලබාගන්නා ඉතිරි කණ්ඩායම් 3 සඳහා කණ්ඩායම් 4 ක් අතර ඉතා තියුණු තරගයක් ඇතිවී තිබේ.

සඳුදා (2 වැනිදා) පැවැත්වෙන දිල්ලි කැපිටල් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතරින් ජය ගන්නා කණ්ඩායම, මේ වනවිටත් කඩයිම් වටය සඳහා සුදුසුකම් ලබා සිටින මුම්බායි ඉන්දියන් පිලත් සමගින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගන්නා පළමු කඩයිම් තරගයට ක්‍රීඩා කරනු ඇත. මෙම තරගයෙන් කවුරුන් පරාජයට පත්වුවද කඩයිම් වටයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තු අවසන් නොවන අතර අඟහරුවාදා (3 වැනිදා) පැවැත්වෙන මුම්බායි ඉන්දියන්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර පැවැත්වෙන මූලික වටයේ අවසන් තරගයෙන් එය තීරණය වනු ඇත.

අවසන් කණ්ඩායම් 4 තීරණය කිරීමට තවමත් කල් වැඩි අතර අඟහරුවාදා (3 වැනිදා) පැවැත්වෙන මූලික වටයේ අවසන් තරගය නිමාවනතුරු අපට බලාසිටීමට සිදුවනු ඇත.

මුම්බායි ඉන්දියන්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයෙන් මුම්බායි පිල ජය ගනු ලැබුවහොත් කිසිදු පැකිලීමකින් තොරව ප්‍රසාද ලකුණු 14 බැගින් ලබා සිටින බැංගලෝර්, දිල්ලි සහ කොල්කටා කණ්ඩායම් වලට කඩයිම් වටය සඳහා සුදුසුකම් ලබැගැනීමට හැකිවනු ඇත. නමුත් මේ වනවිට ප්‍රසාද ලකුණු 12 ක් ලබා ධන ශුද්ධ ලකුණු වේගයක් රඳවාගෙන සිටින හයිද්‍රාබාද් පිල මුම්බායි පිලට එරෙහිව පැවැත්වෙන තරගය ජයගතහොත් කිසිදු විවාදයකින් තොරව ඔවුන් කඩයිම් වටයට සුදුසුකම් ලබාගනු ඇත.

හයිද්‍රාබාද් පිල ජයගතහොත් දිල්ලි කැපිටල් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයෙන් පරාජය වන කණ්ඩායමට හෝ කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් දෙකෙන් එකකට පමණක් කඩයිම් වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.

මේ වනවිටත් බැංගලෝර් පිල (-0.145) සහ දිල්ලි පිල (-0.159) ඍණාත්මක ශුද්ධ ලකුණු වේගයක් රඳවාගෙන සිටින බැවින් ඔවුන් අතර පැවැත්වෙන තරගයෙන් පරාජය වන කණ්ඩායම විශාල ලකුණු පරතරයකින් පරාජයට පත්වුවහොත් කොල්කටා පිල (-0.214) ලබාසිටින ශුද්ධ ලකුණු වේගයට වඩා ඍණාත්මක ලෙස ඉහළ යනු ඇත.
 
 
 
- 2079

 


අදහස් (0)

අවසන් දින දෙකේදී තියුණු සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.