Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවසන් තරගය සදම්ප්ටන් ගෙන යයි

අවසන් තරගය සදම්ප්ටන් ගෙන යයි

editorial - 2021 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ නවසීලන්තය අතර ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදම්ප්ටන්හිදී පැවැත්වෙන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (10 වැනිදා) නිල වශයෙන් නිවේදනය කළේය. පළමුවැනි වරට පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ආරක්ෂිතව පැවැත්වීම සහතික කිරීම සඳහා විකල්ප ගණනාවක් සලකා බලමින් එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලය සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙම තීරණය ගෙන ඇත.

මෙම තරගය ජූනි මස 18 වැනිදා සිට 22 වැනිදා දක්වා ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබිණ.

කොරෝනා වයිරසය ව්‍යාප්තව තිබියදීත්, 2020 ගිම්හානයේදී ජෛව සුරක්ෂිත බුබුලක් ක්‍රියාත්මක කරමින් එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිලත්, එංගලන්තය සහ පාකිස්තානයත් අතර ටෙස්ට් තරගාවලි දෙකක් පැවැත්විණ. ඒ සඳහා පළමු තේරීම වූයේ සදම්ප්ටන්හි පිහිටි හැම්ප්ෂයර් බෝල් ක්‍රීඩාංගණයයි.

එක්සත් රාජධානියේ රජය කොවිඩ්-19 අගුළු දැමීමේ අදියර පියවරයන්, පියවරෙන් පියවර ලිහිල් කරමින් සිටින අතර සැලසුම් කළ පරිදි ඉදිරියට ගියහොත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය නැරඹීම සඳහා සීමිත ප්‍රේක්‍ෂක සංඛ්‍යාවකට හැම්ප්ෂයර් බෝල් ක්‍රීඩාංගණයට ඇතුළත් වීමට අවසර හිමිවනු ඇත.


 - 2079


අදහස් (0)

අවසන් තරගය සදම්ප්ටන් ගෙන යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.