Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අයි.පී.එල්. තරගාවලිය සැප් 19 දා සිට

අයි.පී.එල්. තරගාවලිය සැප් 19 දා සිට

editorial - 2020 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය කල්දැමීමේ වාසිය උපරිම අයුරින් ප්‍ර යෝජනයට ගත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වසරේ අයි.පී.එල්. තරගාවලිය සැප්තැම්බර් මස 19 වැනිදා සිට නොවැම්බර් 8 දක්වා පැවැත්වීමට කටයුතු සම්පාදනය කරමින් සිිටින බව ‘ඉන්දියා ටුඩේ‘ පුවත් පත වාර්තා කරයි. තරගාවලිය ඉහත සඳහන් දිනවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පිහිටි ඩුබායි, අබුඩාබි සහ සාජා යන නගර වලදී පැවැත්වෙන බව අයි.පී.එල්. තරගාවලියේ පාලක මණ්ඩල සභාපති බ්‍රිජේෂ් පතෙල් මහතා විසින් මේ වන විටත් තහවුරු කරනු ලැබ ඇත.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩාංගණ තුනේදී ප්‍රේක්ෂකයන් සීමිත සංඛ්‍යාවක් වුවද කැඳවීමට ඉඩදීමේ අවසරය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සතුව පවතින බවද බ්‍රිජේෂ් පටෙල් මහතා පැවසීය.

පසුගිය මාර්තු මාසයේදී ආරම්භ වීමට නියමිතව තිබූ අයි.පී.එල්. තරගාවලිය කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමන ලදි. එහෙත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමෙන් පසුව අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීමේ කාල වකවානුවක් විවර විය. ඒ අතරවාරයේදී ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් ආසියානු කුසලාන තරගාවලිය ලබන වසර දක්වා කල්දමනු ලැබ තිබීම ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට මහත් වාසියක් විය.

අයි.පී.එල්. තරගාවලියේ පාලක මණ්ඩල සභාපති බ්‍රිජේෂ් පතෙල් මහතා පැවසුවේ අයි.පී.එල්. තරගාවලිය සඳහා වන දින සිකුරාදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි.

- 213


අදහස් (0)

අයි.පී.එල්. තරගාවලිය සැප් 19 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.