Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අපරාජිත පීතරයෝ ඉදිරියෙන්

අපරාජිත පීතරයෝ ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර ‘ශාන්තුවරයන්ගේ සංග‍්‍රාමය’ 82 වැනි වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය ද සහ හෙට පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දෙවිදුහල් අතර මේ දක්වා පවත්වා ඇති මහා ක‍්‍රිකට් තරග 81 දී ශාන්ත ජෝශප් විද්‍යාලය තරග 12 ක් ජය ලබා ඇති අතර ශාන්ත පීතර විද්‍යාලය තරග 09 ක් ජය ලැබීමට සමත්ව තිබේ. ඉතිරි තරග 58 විසදුමකින් තොරව නිමවී තිබේ.

ශාන්ත ජෝශප් විදුහල රුවන්ත ප‍්‍රනාන්දුපුල්ලේගේ නායකත්වයෙන් 2008 වසරේ අවසන් වරට ජය ලැබූ අතර ශාන්ත පීතර විදුහල 2012 වසරේ ෂෙහාන් ප‍්‍රනාන්දුගේ නායකත්යෙන් ජය ලැබීය.

මෙවර ශාන්ත ජෝශප් විදුහල් පිලේ නායකයා ලෙස සදරුවන් රොද්‍රිගු කටයුතු කරන අතර විනූ මොහොට්ටි, ශාන්ත පීතර විදුහල් පිලේ නායකයා ලෙස කටයුතු කරයි.

ශාන්ත ජෝශප් විදුහල මෙවර ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තරග 16 කදී කොළඹ මහානාම, මීගමුව මාරිස්ටෙලා, කඳාන ද මැසිනොද්, ගාල්ල මහින්ද, වෙස්ලි සහ ශාන්ත අන්තෝනි යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ 6 ක් ලැබීමට සමත්ව සිටියි. ශාන්ත ජෝශප් විදුහල් පිල ශාන්ත බෙනඩික් සහ කොළඹ රාජකීය යන විදුහල් හමුවේ පරාජයට පත්විය.

ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කරමින් බංග්ලාදේශයේදී පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ දකුණතින් වේග පන්දු යවන ක‍්‍රීඩක ජෙහාන් ඩැනියල් මෙවර ශාන්ත ජෝශප් විදුහලේ කැපී පෙනෙන ක‍්‍රීඩකයා බවට පත්ව සිටියි.

මෙවර ශාන්ත ජෝශප් විදුහල් පිලේ ප‍්‍රබලතම පිතිකරු වන රයන් කෙලී තරග 15 කදී ලකුණු 668 ක් රැුස්කර තිබේ. ශිවෝන් ෆොන්සේකා (535), මල්ෂාන් රොද්‍රිගු (521) සහ නායක සඳරුවන් රොද්‍රිගු (469) ශාන්ත ජෝශප් විදුහල් පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරති.

ශාන්ත ජෝශප් විදුහල් පිලේ ප‍්‍රබලතම පන්දු යවන්නන් වන මල්ෂාන් රොද්‍රිගු කඩුලූ 70 ක් ද, හරීන් කුරේ කඩුලූ 63 ක් ද, දවා ගනිමින් මහ ක‍්‍රිකට් තරගයේදී විශේෂ යමක් කිරීමට සූදානමින් සිටිති.

 ශාන්ත පීතර විදුහල මෙවර ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලිය තරග 18 කට සහභාගි වී කඳාන ද මැසිනොද්, රාජගිරිය ජනාධිපති, වේල්ස් කුමර, කොළඹ ඞී. එස්. සේනානායක, ශාන්ත බෙනඩික් සහ කැලණිය ගුරුකුල යන විදුහල්වලට එරෙහිව  පූර්ණ ජයග‍්‍රහණ 6 ක් ලැබීමට සමත් විය. ශාන්ත පීතර විදුහල මෙම මහ තරගයට පිවිසෙන්නේ අපරාජිත කණ්ඩායමක් ලෙසිනි.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලද නියෝජනය කළ දකුණත් පිතිකරු ලක්‍ෂිණ රොද්‍රිගු මෙවර ශාන්ත පීතර විදුහලේ දක්‍ෂතම පිතිකරු බවට පත්ව සිටියි. ලක්‍ෂිණ මෙම තරග වාරයේ තරග 15 කදී ලකුණු 1,016 ක් රැස්කිරීමට සමත්ව සිටියි.

හෂාන් වනසේකර (819), රන්මිත් ජයසේන (648), මනිල්ක ද සිල්වා (458) සහ ඉනේෂ් ප‍්‍රනාන්දු (412) මෙම තරග වාරයේ ශාන්ත පීතර විදුහලේ ලකුණු අතර සිටින පිතිකරුවෝ වෙති.

තනීෂ වීරකෝන් මෙම තරග වාරයේදී කඩුලූ 84 ක් දවා ගනිමින් ශාන්ත පීතර විදුහල් පන්දු යැවීමේ බලැනියේ ප‍්‍රබලයා බවට පත්ව සිටියි. නායක විනූ මොහොට්ටි (71), සදීෂ් පතිරණගේ (24), දිනාල් ජයකොඩි (21) සහ රවිඳු සිල්වා (20) ශාන්ත පීතර විදුහල් පිල සතු සෙසු ප‍්‍රබල පන්දු යවන්නෝ වෙති.  

 දෙවිදුහල් අතර 42 වැනි වාර්ෂික සීමිත ඕවර ක‍්‍රිකට් තරගය මේ මස 12 වැනිදා ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාගංණයේදී පැවැත්වේ.

 

ශාන්ත ජෝශප් විදුහල් සංචිතය :
ඉදිරි පෙළ වමේ සිට: ප‍්‍රසන්ත රණවීර මහතා (පළමු පෙළ කණ්ඩායම් බාර ආචාර්ය), ආසිරි පෙරේරා (අභ්‍යාසක), මයිකල් ඇඩම්ස් මහතා (දෙවැනි පෙළ කණ්ඩායම් පුහුණුකරු), මල්ෂාන් රොද්‍රිගු, මිලාන් බර්නාඞ් පියතුමා (ක‍්‍රීඩා භාර ආචාර්ය), සඳරුවන් රොද්‍රිගු (නායක), ට‍්‍රැවිස් ගේබි‍්‍රයල් පියතුමා (විදුහල්පති), කෙවින් කොට්ලින් (උප නායක), අසේල පතිරණ මහතා (පළමු පෙළ කණ්ඩායම් පුහුණුකරු), විමුක්ති පීරිස්, දරන්ත මෙනේරිගම මහතා (පන්දු රැකීමේ පුහුණුකරු) සහ ආසිරි කල්දේරා මහතා (දෙවැනි පෙළ කණ්ඩායම් බාර ආචාර්ය)
පසු පෙල වමේ සිට: සචිත ද සිල්වා, ඩරියො දිසානායක, කවි`දු ජයතිලක, හවින් පෙරේරා, නිපුන් සමරසිංහ, චාරුක උලූදුපිටිය, හරින් කුරේ, දිනිත් මධුරාවල, ජෙහාන් ඩැනියල්, රයන් කෙලි, රුචිර ඒකනායක, තසන් පෙරේරා, පහන් පෙරේරා, නිරාන් ගුණතිලක සහ ශිවෝන් ෆොන්සේකා

 


ශාන්ත පීතර විදුහල් සංචිතය :
ඉදිරි පෙළ වමේ සිට: මනුකර් ගුණතිලක මහතා (අභ්‍යාසක), මංජුක පෙරේරා මහතා (පන්දු රැකීමේ පුහුණුකරු), ශානක ප‍්‍රනාන්දු මහතා (සහය පුහුණුකරු), ටෝයි බර්ට්ල් මහතා (ක‍්‍රීඩා ලේකම්), සනත් චින්තක මහතා (ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් භාර ආචාර්ය), විනූ මොහොට්ටි (නායක), ටෙ‍්‍රවෝ මාටින් පියතුමා (විදුහල්පති), තිළිණ පැතුම් පියතුමා (ක‍්‍රීඩා සම්බන්ධීකාරක), හෂාන් වනසේකර (උප නායක), මලින්ද වර්ණපුර මහතා (ප‍්‍රධාන පුහුණුකරු), වසන්ත හපුතන්ත‍්‍රි මහතා (කනිෂ්ඨ ක‍්‍රිකට් බාර ආචාර්ය), කිටෝ ප‍්‍රනාන්දුපුල්ලේ මහතා (සහාය පුහුණුකරු) සහ මහේෂ් ද සිල්වා මහතා (කළමණාකරු)

මැද පෙළ වමේ සිට: සදීෂ් පතිරණගේ, රන්දිල් සෙනෙවිරත්න, ඩිනාල් ජයකොඩි, චන්දුල ජයමාන්න, ලක්‍ෂිණ රොද්‍රිගු, තනීෂ වීරකෝන්, අනිෂ්ක පෙරේරා සහ රවිඳු සිල්වා

පසු පෙළ වමේ සිට: සචින් ප‍්‍රනාන්දු, ජෙරමි ප‍්‍රනාන්දු, මනිල්ක ද සිල්වා, සන්තුෂ් ගුණතිලක, රන්මිත් ජයසේන, අෂාන්ත් මල්කර්, ශිලෝන් රොද්‍රිගු, ඉනේස් ප‍්‍රනාන්දු සහ විනුල් ගුණවර්ධන

 


අදහස් (0)

අපරාජිත පීතරයෝ ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.