Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අනුග‍්‍රහකයින් සොයන්න සැලසුම්

අනුග‍්‍රහකයින් සොයන්න සැලසුම්

සංජය එරමුදුගොඩ - 2015 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇති අනුග‍්‍රහය ඉදිරියේදී ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායමට මෙන්ම 19න් පහළ කණ්ඩායම සඳහාද ලබාගැනීමට බලාපොරොත්තු වන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අලෙවි හා සන්නිවේදන අංශ ප‍්‍රධානී වජිර දසනායක මහතා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතය වන 19න් පහළ හා ඒ කණ්ඩායමේ අනුග‍්‍රාහකත්වය ලබා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ගෙන ඇති පියවර පිළිබඳ ප‍්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවසීය. එසේම ශ‍්‍රී ලංකා  කණ්ඩායමට වානිජ්‍ය වශයෙන් අනුග‍්‍රහය ලබාගන්නා අතරතුරදී එසේ අනුග‍්‍රහය දක්වන පාර්ශව සඳහා ශ‍්‍රී ලංකා  ක‍්‍රිකට් ආයතනයෙන්ද යමක් ලබා දීමට බලාපොරොත්තු වන බව හෙතෙම සඳහන් කළේය.

අපි ජාතික කණ්ඩායමටත් ජාතික කාන්තා කණ්ඩායමටත් අනුග‍්‍රාහකත්වයන් හොයා තිබෙනවා. ඒ වගේම 19 න් පහළ කණ්ඩායමට හා ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායමටත් අනුග‍්‍රාහකත්වයන් හොයා දෙන්න අපි ඉදිරියේදි කටයුතු කරනවා.

”විවිධ කාණ්ඩ යටතේ වානිජ්‍ය අංශයට අනුග‍්‍රාහක ගිවිසුම්  ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගෙන් අනුග‍්‍රහය ලබාගන්නා අතරතුර ඔවුන්ටත් යමක් ලබා දිය යුතුයි. එය ඔවුන් ලබා දෙන ප‍්‍රතිපාදන මත තීරයණය කරනවා. අපිට අයත් ප‍්‍රධාව කී‍්‍රඩාංගණ හතරේ ඔවුන්ගේ ප‍්‍රචාරණ කටයුතු සඳහා ස්ථාව වෙන්කර තිබෙනවා.” යැයි හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

 

 


අදහස් (0)

අනුග‍්‍රහකයින් සොයන්න සැලසුම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.