Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රවීන් - රමේෂ් විශිෂ්ට ජයක් ගෙනෙති

ප්‍රවීන් - රමේෂ් විශිෂ්ට ජයක් ගෙනෙති

editorial - 2021 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


(දමින්ද විජේසූරිය)

සිය මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 11 ක් දවාගත් ප්‍රවීන් ජයවික්‍රම (කඩුලු 11) සහ තවමත් ටෙස්ට් තරග 2 ක පමණක් සහභාගි වී සිටින රමේෂ් මෙන්ඩිස් (කඩුලු 6) දෙදෙනාගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව මහනුවර, පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 209 ක දැවැන්ත ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03 වැනිදා) සමත් විය. 

මෙම ජයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම 1-0 ක් වශයෙන් ටෙස්ට් තරගාවලියද ජයගත්තේය. කොරෝනා උවදුරට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 8 කට සහභාගි වූ නමුත් ජයගත් පළමු තරගය මෙයයි. 

ප්‍රවීන් ජයවික්‍රම සිය මංගල ටෙස්ට් තරගයේදී ලකුණු 178 කට කඩුලු 11 ක් දවාගැනීම, ශ්‍රී ලාංකිකයකු විසින් ඔහුගේ මංගල ටෙස්ට් තරගයේදී කරන ලද විශිෂ්ටතම පන්දු යැවීමද වෙයි. එය වමත් දඟ පන්දු යවන්නෙකු මංගල ටෙස්ට් තරගයේදී දැක්වූ හොඳම දස්කම ලෙසින් ද ක්‍රිකට් ඉතිහාසයට එක්වනු ඇත. 

ලකුණු 437 ක ඉලක්කයක් කරා ගිය බංග්ලාදේශ කණ්ඩායම, ප්‍රවීන් සහ රමේෂ් දෙදෙනා හමුවේ, තරගයේ අවසන් දිනය වූ අද (3 වැනිදා) දිවා ආහාරයට පෙරම ලකුණු 227 කට දැවී ගියේය. බංග්ලාදේශ දෙවැනි ඉනිමේ එක් අවස්ථාවකදී කඩුලු 7 ක් දැවී ලකුණු 227 ක් ලෙසින් සටහන් වූ නමුත් එතැන් සිට එකම ලකුණක් හෝ ලබාගැනීමට අවස්ථාව නොදී අවසන් කඩුලු තුනම බිම දැමීමට ජයවික්‍රම සහ මෙන්ඩිස් දෙදෙනා සමත් වූහ. 

තරගය පැවැති පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ තණතීරුව නියමිත ප්‍රමිතියට වඩා අඩු මට්ටමේ එකක් යයි පසුගිය සතියේ ගෝරනාඩු කළ අන්තර්ජාතික ක්‍රිකට් සභාව ක්‍රීඩාංගණයට දඬුවම් ලකුණක්ද එකතු කළේය. ඊට හේතුව වූයේ දින 5 ක් ඇතුළතදී කඩුලු 17 ක් පමණක් බිඳ වැටෙන අතරේ දෙපිලේම පිතිකරුවන් ලකුණු 1289 ක් රැස්කිරීමයි. 

එහෙත් දෙවැනි තරගයේදී කාසියේ වාසිය දිනා  පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 493 ක් රැස්කිරීමෙන් පසුව, බංග්ලාදේශ කණ්ඩායමේ ඉනිම දෙක ලකුණු 251 කට සහ 227 කට සීමා කළහ. ඒ අතරවාරයේදී සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ඕවර 42 කදී ලකුණු 194 ක් ලබාගැනීමටද ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ. 


ලකුණු පුවරැව

ශ්‍රී ලංකාව - පළමු ඉනිම කඩුලු 7 ට 493 යි

(දිමුත් කරැණාරත්න 118, ළහිරැ තිරිමාන්න 140, ඕෂධ ප්‍රනාන්දු 81, නිරෝෂන් දික්වැල්ල නොදැවී 77, ටස්කින් අහමඩ් 127/4)

බංග්ලාදේශය - පළමු ඉනිම 251

(ටමීම් ඉක්බාල් 92, ප්‍රවීන් ජයවික්‍රම 92/6)

ශ්‍රී ලංකාව - දෙවැනි ඉනිම 194

(දිමුත් කරැණාරත්න 66, තයිජුල් ඉස්ලාම් 72/5) 

බංග්ලාදේශය - දෙවැනි ඉනිම

ටමීම් ඉක්බාල් - ඇ.දික්වැල්ල ප.රමේෂ් මෙන්ඩිස්    24

සයිෆ් හසන්  - ඇ.ලක්මාල් ප.ජයවික්‍රම    34

නජ්මුල් හොසේන් - ප.ජයවික්‍රම    26

මොමිනුල් හක් - ප.රමේෂ් මෙන්ඩිස්     32

මුෂ්ෆිකුර් රහීම් - ඇ.ධනංජය ද සිල්වා ප.මෙන්ඩිස්     40

ලිටන් දාස්  - ක.මු.කළා ප.ජයවික්‍රම      17

මෙහෙදි හසන්  - ඇ.නිස්සංක ප.ජයවික්‍රම     39

තයිජුල් ඉස්ලාම් - ඇ.දික්වැල්ල ප.ධනංජය ද සිල්වා    2

ටස්කින් අහමඩ් - ඇ.කරැණාරත්න ප.මෙන්ඩිස්    7

ෂොරිෆුල් ඉස්ලාම් - නොදැවී        0

අබු ජායිද් - ක.මු.කළා ප.ජයවික්‍රම      0

අතිරේක      6

එකතුව ඕවර 71 කදී සියලු දෙනා දැවී             227

කඩුලු වැටීම :

1-31(ටමීම් ඉක්බාල්), 2-73(සයිෆ් හසන්), 3-104(නජ්මුල් හොසේන්), 4-134(මොමිනුල් හක්), 5-171 (මුෂ්ෆිකුර් රහීම්), 6-183(ලිටන් දාස්), 7-206(තයිජුල් ඉස්ලාම්), 8-227(ටස්කින් අහමඩ්), 9-227(මෙහෙදි හසන්), 10-227(අබු ජායිද්)

පන්දු යැවීම :

සුරංග ලක්මාල් : 4-2-14-0, රමේෂ් මෙන්ඩිස් : 28-2-103-4, ප්‍රවීන් ජයවික්‍රම : 32-10-86-5, ධනංජය ද සිල්වා : 7-1-19-1

තරගයේ වීරයා - ප්‍රවීන් ජයවික්‍රම

තරගාවලියේ වීරයා - දිමුත් කරැණාරත්න

 


අදහස් (0)

ප්‍රවීන් - රමේෂ් විශිෂ්ට ජයක් ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.