Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රිත්වි ෂෝගේ (82) වේගවත් පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අහ්මදාබාද්හිදී අද (29 වැනිදා) පැවැති 25 වැනි තරගය කඩුලු 7 කින් ජය ගැනීමට දිල්ලි කැපිටල්ස් පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 155 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කැපිටල්ස් පිල ඕවර 16.3 කදී කඩුලු 3 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.
වේගවත් ආරම්භයක් ලබාගත් ප්‍රිත්වි ෂෝ සහ ශීකර් ධවාන් පළමු කඩුල්ල සඳහා පන්දු 83 කදී ලකුණු 132 ක සම්බන්ධතාවයක් පවත්වමින් දිල්ලි කැපිටල්ස් පිලේ ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දැමූහ.
ප්‍රිත්වි ෂෝ පන්දු 41 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 82 ක් ලබාගත් අතර ශීකර් ධවාන් පන්දු 47 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 46 ක් ලබාගැනීමට සමත්විය.
පැට් කමින්ස් සිය ඕවර 4 ලකුණු 24 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගත්තද දිල්ලි කැපිටල්ස් පිලේ ජයග්‍රහණය වලකාලිමට අපොහොසත් විය.
පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 154 ක් රැස්කළේය.
වේගවත් පිතිහරඹයක නිරතවූ ඔන්ඩ්‍රි රසල් පන්දු 27 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 45 ක් රැස්කරමින් කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ ලකුණු සංඛ්‍යාව 150 න් ඔබ්බට රැගෙන යාමට සමත්විය. ශුබ්මන් ගිල් පන්දු 38 කදි හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 43 ක් ලබාගත්තේය.
ලලිත් යාදව් සහ අක්සා පතෙල් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කොල්කටා නයිට් රයිඩර්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 154
(ශුබ්මන් ගිල් 43, ඔන්ඩ්‍රිරසල් නොදැවී 45, ලලිත් යාදව් 13/2, අක්සා පතෙල් 32/2)
දිල්ලි කැපිටල්ස් - ඕවර 16.3 කදී කඩුලු 3 ක් දැවී 156
(ප්‍රීත්වි ෂෝ 82, ශීකර් ධවාන් 46, පැට් කමින්ස් 24/3)
-2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.