
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 15 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී ඊයේ (3 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 80 ක ජයක් වාර්තා කිරීමට කොල්කටා කණ්ඩයම සමත් විය. කොල්කටා කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ දෙවැනි ජය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් ක්‍රීඩකයන්ට ඕවර 16.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 120 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ වරුණ් චක්‍රවර්ති ලකුණු 22 කට කඩුලු 3 ක්ද, වයිභව් අරෝරා ලකුණු 29 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් ප්‍රතිවදී ඉනිම සුනුවිසුණු කර දැමූහ. ඔන්ඩි්‍ර රසල් ලකුණු 21 කට කඩුලු 2 ක් දවාගනිමින් ඔවුන්ට අනගි සහායක් දුන්නේය.
හයිද්‍රාබාද් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ හෙන්රිච් ක්ලාසන් පන්දු 21 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 33 ක් රැස්කළ අතර සිය මංගල අයි.පී.එල්. තරගයට ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් පන්දු 20 කදී ලකුණු 27 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගනි. පිතිකරුවන් 6 දෙනකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් දැවී යෑම හයිද්‍රාබාද් කණ්ඩායමට විශාල පාඩුවක් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 200 ක් ලබාගත් අතර ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ වෙන්කටේෂ් අයියර් පන්දු 29 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 60 ක්ද, අන්ග්ක්‍රිෂ් රඝුවංෂි පන්දු 32 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 50 ක්ද රැස්කළහ.
එහිදී නායක අජින්ක්‍යා රහනේ (38) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට රඝුවංෂි සමත් වූ අතර රිංකු සිං (නොදැවී 32) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 91 ක සම්බන්දතාවක් ගොඩනැගීමට අයියර් සමත් විය.
කොල්කටා නයිට් රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 200
(අජින්ක්‍යා රහනේ 38, අන්ග්ක්‍රිෂ් රඝුවංෂි 50, වෙන්කටේෂ් අයියර් 60, රිංකු සිං නොදැවී 32)
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 16.4 කදී සියලු දෙනා දැවී 120
(නිතිෂ් රෙඩ්ඩි 19, කමිඳු මෙන්ඩිස් 27, හෙන්රිච් ක්ලාසන් 33, පැට් කමින්ස් 14, වරුණ් චක්‍රවර්ති 22/3, වයිභව් අරෝරා 29/3, ඔන්ඩි්‍ර රසල් 21/2)




-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.