Last Update  :  2024-04-26 18:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රංගන හේරත් කොදෙව් සංචාරයට නෑ

රංගන හේරත් කොදෙව් සංචාරයට නෑ

editorial - 2022 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ දඟ පන්දු යැවීමේ පුහුණුකරු රංගන හේරත් මහතා එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගි නොවන බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය තහවුරු කර ඇත. පවුලේ සාමාජිකයන් සමගින් රැඳී සිටීම සඳහා ඔහු නිවාඩු ඉල්ලුම් කර ඇති බව මෙහෙිදී වාර්තා වේ.

”හේරත් ඔහුගේ පවුලේ අය සමඟ සිටින බැවින් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගි වෙන්නේ නෑ,” යයි බංග්ලාදේශ කණ්ඩායමේ අධ්‍යාක්‍ෂ ඛලීඞ් මහමුද් මහතා තහවුරු කළේය.

ශ්‍රී ලංකාව තුළ දේශපාලන අස්ථාවරත්වය තිබියදීත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම සමඟ රැඳී සිටීමට හේරත් තීරණය කර ඇත.

පසුගිය වසරේ පැවැති සිම්බාබ්වේ සංචාරය අතරතුර බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස එක් වූ හේරත්ගේ ගිවිසුම මේ වසරේ අග ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානය දක්වා දීර්ඝ කරන ලදී.

කොදෙව් සංචාරය සඳහා හේරත් වෙනුවට වෙනත් දඟපන්දු පුහුණුකරුවකු ආදේශ කිරීම පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය තවමත් තීරණයක් ගෙන නැත. නමුත් රටේ ප්‍රමුඛතම දඟ පන්දු පුහුණුකරුවකු වන සොහෙල් ඉස්ලාම් කොදෙව් සංචාරය සඳහා තෝරා ගැනීමට ඉඩ ඇත ිබව වාර්තා වේ.

ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත කොදෙව් සංචාරය සඳහා බංග්ලාදේශ කණ්ඩායම ජුනි 6 වැනිදා ඩකා නුවරින් පිටත්ව යාමට නියමිතය.

තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරගය ජුනි 16 සිට 20 දක්වා ඇන්ටිගුවාහිදී පැවැත්වෙන අතර දෙවන ටෙස්ට් තරගය ජුනි 24 සිට 28 දක්වා ශාන්ත ලුසියාහිදී පැවැත්වේ.

පළමු විස්සයි20 තරග දෙක පිළිවෙලින් ජූලි 2 සහ 3 යන දිනවල ඩොමිනිකාහිදී පැවැත්වෙන අතර තෙවැනි තරගය ජූලි 7 වැනිදා ගයානාහිදී පැවැත්වේ.

ජූලි 10, 13 සහ 16 යන දිනවලදී එක්දින තරග තුනද ගයානාහිදී පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

රංගන හේරත් කොදෙව් සංචාරයට නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.