Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Blog archives යාපනය - ගාල්ල අවසන් සටනට

යාපනය - ගාල්ල අවසන් සටනට

editorial - 2020 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.


10:46 PM
සිය ඕවර 4 දී දඹුල්ල පිතිකරුවන් ලකුණු 15 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් වනිඳු හසරංග විශිෂ්ට පන්දු යැවීමක...

පළමු අවසන් තරගය ජයගත් ගාල්ල ග්ලැඩියේටර්ස් පිල සහ යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම් බදාදා (16 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේදී තරග වදිති.
10:44 PM
​ඕවර 19.1 - 128/10
චතුරංග ද සිල්වාගේ පන්දුවකින් කසුන් රාජිත දැවී යාමත් සමගම 2020 එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයට යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම සුදුසුකම් ලබාගත්තේය. ලකුණු 166 ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම ලකුණු 128 කට දැවීයාම නිසා යාපනය කණ්ඩායමට ලකුණු 37 ක ජයක් හිමිවිය.
10:39 PM
​ඕවර 19 - 128/9
සුරංග ලක්මාල්ගේ ඕවරයට ලකුණු 3 ක් පමණයි
10:35 PM
​ඕවර 18 - 125/9
පන්දු 10  කදී ලකුණු 26 ක් ලබාගත් රමේෂ් මෙන්ඩිස්ගේ සටන නිමාවෙයි..
10:32 PM
​ඕවර 17 - 108/7
වනිඳු හසරංගගෙන් විස්සයි-20 තරගයකදී ඇදහිය නොහැකි ඕවරයක් ... නොයිඳුල් ඕවරයකදී කඩුල්ලක්....
10:31 PM
​ඕවර 16 - 108/7
හතරේ පහර දෙකක් සමගින් එම ඕවරයේදී ලකුණු 12 ක්...
10:20 PM
ඕවර 15 - 96/7
තවත් දුවද්දී දැවී යාමක්... මේ තරගයේදී දුවද්දී දැවී යාම් 6 යි..
තරගය ජයගන්නට නම් අවසන් පන්දු 30 දී ලකුණු 70 ක් ලබාගැනීමේ අසීරු අභියෝගයක්.... මේ ඉලක්කය සම්මත ක්‍රිකට් ක්‍රීඩාවේදී ලබාගත හැකි දෙයක් බව පෙනෙන්න නෑ... කවුරුහරි පිතිකරුවෙක් අසම්මත පහර වැලක් ක්‍රියාත්මක කරනවා මිස...
10:14 PM
​ඕවර 14 - 90/5
උස්මන් ෂින්වාරිගේ ඕවරයේදී හතරේ පහර 2 ක්
10:12 PM
​ඕවර 13 - 81/5
වනිඳු හසරංගගෙන් තවත් සාර්ථක ඕවරයක්... ලකුණු 4 ක් පමණයි... පන්දු 14 කින් හතරේ පහරක් නෑ... අභියෝගය අසීරු වන ආකාරයක්... ජයග්‍රහණය සඳහා පන්දු 42 කින් ලකුණු 85 ක්
10:10 PM
ඕවර 12 - 77/5
ඩුඇන් ඔලිවියර්ගෙන් සාර්ථක ඕවරයක්... ලකුණු 4 ක් පමණයි.. ඔලිවියර්ගේ පන්දු යැවීම 2-0-06-0.... වනි‍ඳු හසරංග 1-0-05-1
09:56 PM
ඕවර 11 - 73/5
දඹුල්ල පිලේ නායක දසුන් ශානකත් සමිඋල්ලා ෂින්වාරිත් දෙදෙනාම පන්දු 4 ක් ඇතුළත දැවී යති. වනිඳු හසරංග සිය පළමු ඕවරයේදී දඹුල්ල පිල සසළ කරයි... කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය ෂින්වාරි විනිසුරු තීරණ විමසීම ඉල්ලා සිටි නමුත් දික්වැල්ල එය භාවිතා කර තිබිණ..
09:54 PM
ඕවර 10 - 68/3
ඉනිමෙන් අඩක් අවසන්.... ජයග්‍රහණය සඳහා පන්දු 60 කදී ලකුණු 98 ක් අවශ්‍යයි.  කඩුලු 7 ක් අතේ තිබුණත් තණතීරුවේ ස්වභාවය අනුව තරමක් අසීරු අභියෝගයක්.. ඒත් පින්න නිසා පන්දුවට පහර දෙන පිලට තරමක වාසියකුත් තියෙනවා...
ඕවර 10 ක් අවසානයේදී යාපනය කණ්ඩායම කඩුල්ලක් පමණක් දැවී ලකුණු 84 ක් ලබා සිටියේය.
09:48 PM
​ඕවර 9 - 65/3
චරිත් අසලංකගේ පන්දුවක් හමුවේ කඩුල්ල ආවරණය කිරීමේ වරදට හසුව නිරෝෂන් දික්වැල්ල දැවී යයි. ක්‍රීඩාගාරයට යන්න ගිය දික්වැල්ල විනිසුරු තීරණ විමසීම ඉල්ලා සිටියද විනිසුරු ලින්ඩන් හැනිබල් මහතාගේ තීරණය නිවැරදි බව තහවුරු වෙයි..... ඕවරයේදී ලකුණු 7 යි
09:38 PM
ඕවර 8 - 58/2
ෂොයිබ් මලික් පන්දුව අතට ගනී.... පළමු ඕවරයේදීම ලකුණු 8 ක්... නිපන්දුවත් එක්ක ලකුණු 9 යි
09:31 PM
​ඕවර 7 - 49/2
ධනංජය සිය ඕවර 4 ලකුණු 23 කට සීමාකරගනී... 4-0-23-1.. පළපුරුදු සීමිත ඕවර පිතිකරුවන් දෙදෙනකු වන නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග හමුවේ ඉතාමත් සාර්ථක පන්දු යැවීමක්.
09:30 PM
​ඕවර 6 - 41/2
උස්මන් ෂින්වාරිගෙන් සාර්ථක ඕවරයක්...
09:20 PM
​ඕවර 5 - 37/2
ධනංජය ද සිල්වා සාර්ථක පන්දු යැවීමක.... ඕවර 3 යි ලකුණු 15 යි... (3-0-15-1)
09:19 PM
​ඕවර 4 - 33/2
නිරෝෂන් දික්වැල්ල බර කරට ගනී.. හතරේ පහර 3 ක් සමගින් ඕවරයේදී ලකුණු 14 ක්
09:18 PM
​ඕවර 3 - 19/2
ඇන්ජලෝ පෙරේරාගේ පහසු උඩපන්දුවක් තිසර අතට.... පන්දු 7 කදී කඩුලු 2 ක් බිම... ඉතාමත් අවාසි සහගත තත්ත්වයක්.. ඕවරයේදී ලකුණු 8 ක්
09:06 PM
​ඕවර 2 - 11/1
සුරංග ලක්මාල්ගේ පන්දුවකින් ෂෙයිබ් මලික් උඩපන්දුවක් රැකගැනීම නිසා සමිත් පතෙල් දැවී යයි. ලකුණු 11 ක් දීමට සිදුවූ නමුත් ලක්මාල් වටිනා කඩුල්ලක් දවාගනී.
09:03 PM
​ඕවර 1 - 03/0
දඹුල්ල ජය සොයා යාම අරඹයි.. පළමු ඕවරයේදීම කඩුල්ල මුවා කිරීමේ තීරණයක් තුන්වැනි විනිසුරුවරයාට යොමු කරමින් සමිත් පතෙල් සිය කඩුල්ල රැකගනී..
08:57 PM
ඕවර 12 කදී කඩුල්ලක් දැවී ලකුණු 108 ක් ලබා සිටි යාපනය කණ්ඩායමේ අවසන් ඕවර 8 ම ලකුණු 57 කට සීමා කිරීමත් ඒ අතරවාරයේදී කඩුලු 8 ක් දවාගැනීමත් ඉතාම විශිෂ්ට සටන්කාමීත්වයක්......පළමු ඕවරයේදීම පහසු උඩපන්දුවක් ගිළිහි ගියත්... දඹුල්ල පිලේ පන්දු රැකීම ඉතාම ඉහළ මට්ටමක තිබුණා. විශේෂයෙන්ම අන්වර් අලී එක්ස්ට්‍රා කවර්ස් හි සිට රැකගත් උඩපන්දුව විශිෂ්ටයි
08:47 PM
​ඕවර 20 - 165/9
තවත් දුවද්දී දැවීයාම් දෙකක්...පිට පිට පන්දු දෙකකදී.... එකම ඉනිමක දුවද්දී දැවීයාම් 4 ක් කියන්නේ ඉතාම අවාසිසහගත තත්ත්වයක්... ඒත් මේක දඹුල්ල පිලේ විශිෂ්ට සටන් කිරීමක්.
08:41 PM
​ඕවර 19 - 158/7
ළහිරු කුමාරගෙන් තවත් සාර්ථක ඕවරයක්. ඉනිම නිමා වීමට ඕවර 2 ක් තිබියදී පන්දු 6 ක් ඇතුළත පිතිකරුවන් ලකුණු 7 කට සීමාකරගැනීම ඇත්තෙන්ම හොඳයි
08:35 PM
​ඕවර 18 - 151/7
කසුන් රාජිතගෙන් තරමක් සාර්ථක ඕවරයක්... ලකුණු 4 ක් පමණයි... මේ වෙලාවේ අවශ්‍ය තරම් කඩුලු අතේ නොමැති වීම යාපනය පිලට තරමක් අවාසියි
08:31 PM
​ඕවර 17 - 147/7
මේ ආකාරයේ දැවී යාම් නම් අදහාගන්නත් අමාරුයි... ඉතාම හොඳ තත්ත්වයක සිටි යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමේ අවසන් කඩුලු හයම බිඳ වැටුණේ ලකුණු 36 කට... ඒ අතර දුවද්දී දැවී යාම් දෙකක්
08:19 PM
​ඕවර 16 - 141/5
මාලින්ද පුෂ්පකුමාරගේ විශිෂ්ට පන්දු විසිකිරීමකින් චතුරංග ද සිල්වා දුවද්දී දැවී යයි. .. ඒත් කසුන් රාජිතගේ ඕවරයෙන් ලකුණු 11 ක්
08:16 PM
​ඕවර 15 - 130/4
ෂොයිබ් මලික්ට තවත් අසාර්ථක තරගයක්. මුහුණ දුන් දෙවැනි පන්දුවේදීම දික්වැල්ලගේ ස්ටම්ප් කිරීමකට හසුවෙයි
08:05 PM
​ඕවර 14 - 121/3
රමේෂ් මෙන්ඩිස් සිය පළමු ඕවරයේදීම වටිනා කඩුලු දෙකක් දවාගනී.
08:03 PM
ඕවර 13 - 111/2
චරිත් අසලංක දැවී යයි. පන්දු 8 කින් ලකුණු 10 යි
07:57 PM
​ඕවර 12 - 108/1
අන්වර් අලීට දරුණු ප්‍රහාරයක්... මුහුණ දුන් 39 වැනි පන්දුවේදී අන්වර් අලීගේ පන්දුවක් ලණුවට ඉහළින් යවමින් ජොන්සන් චාල්ස් අර්ධ ශතකය සම්පූර්‍ණ කරයි. චාල්ස්ට අනගි සහයෝගයක් දෙන චරිත් අසලංකගෙන් හයේ පහරක්
07:55 PM
​ඕවර 11 - 89/1
ලකුණු ගලා ඒම තරමක් පාලනය කරගැනීමට සමිත් පතෙල් සමත් වෙයි. තනි ලකුණු 5 ක් පමණයි
07:45 PM
​ඕවර 10 - 84/1
දසුන් ශානක පන්දුව අතට ගනී. අවිශ්ක නැවතුන තැනින් ජොන්සන් චාල්ස් ආරම්භ කරයි. දසුන් ශානකගේ පළමු පන්දු 4 න් 3 ක්ම හතරේ සීමාවට... ඕවරයේදී ලකුණු 13 ක්
07:44 PM
ඕවර 9 - 71/1
අවිශ්ක ප්‍රනාන්දු දැවී යයි. අන්වර් අලීගේ පන්දුවකට ගැසූ පහරකින් ඉහළින්ම ඇදී ගිය පන්දුව හතරේ සීමාව ආසන්නයේ සිටි ඇන්ජලෝ පෙරේරා උඩපන්දුවක් කරගනී. පන්දු 26 කින් ලකුණු 39 ක් ලබාගත් අවිශ්කගේ පිත්තෙන් හතරේ පහර 2 ක් සහ හයේ පහර 4 ක්..
07:33 PM
​ඕවර 8 - 63/0
සමිත් පතෙල්ගේ ඕවරයෙන් ලකුණු 9 ක්... අවිශ්ක පන්දු 24 කදී ලකුණු 35 යි. ජොන්සන් චාල්ස් පන්දු 24 ට ලකුණු 24 යි
07:30 PM
​ඕවර 7 - 54/0
මාලින්ද පුෂ්පකුමාරගේ ඒ ඕවරයෙන් ලකුණු 4 ක් පමණයි
07:26 PM
​ඕවර 6 - 50/0
සමිත් පතෙල්ට ප්‍රහාරයක්.. ඒ ඕවරයේදී ලකුණු 12 ක්... යාපනය පිලට ලකුණු 50 යි
07:24 PM
ඕවර 5 - 38/0
තවත් වමතින් පා දඟ පන්දු යවන්නෙක්... මාලින්ද පුෂ්පකුමාර... ඒත් අවිශ්කගෙන් ගැලවීමක් නැත. තවත් හයේ පහරක්
07:21 PM
ඕවර 4 - 30/0
වමතින් පා දඟ පන්දු යවන්නා... සමිත් පතෙල්ගෙන් සාර්ථක ඕවරයක් ... ලකුණු 2 ක් පමණයි
07:19 PM
ඕවර 3 - 28/0
අවිශ්කගෙන් පන්දු 10 කදී ලකුණු 17 ක්... ජොන්සන් චාල්ස්ගෙන් කදිම සහයෝගයක්... මේ වනතෙක් යැවූ පන්දු 18 කට ලකුණු 28 ක් පුවරුවේ
07:19 PM
ඕවර 2 - 13/0
කසුන් රාජිතට පිට පිටම හතරේ පහරකින් සහ හයේ පහරකින් සංග්‍රහ කළ අවිශ්ක ප්‍රනාන්දු ප්‍රහාරය ආරම්භ කරයි
07:11 PM
ඕවර 1 - 02/0
ළහිරු  කුමාරගෙන් උපුල් තරංගට යැවුණු දෙවැනි පන්දුවේදීම ස්ලිප්හි සිටි ක්‍රීඩකයාට උඩපන්දුවක් ලැබුණ නමුත් එය පන්දු රකින්නා අබියස බිම වැදිණ. උඩපන්දුවක් බවට ඉල්ලීමක් කළද තුන්වැනි විනිසුරුවරයා නිගමනය කළේ පන්දුව බිම වැදුණ බවයි. කෙසේ වෙතත් ඕවරයේ පස්වැනි පන්දුවවේදී ඩීප් මිඩ් විකට් හි සිටි කසුන් රාජිත අතින් ඉතාම පහසු උඩපන්දුවක් ගිළිහී ගියේය. අවිශ්ක ප්‍රනාන්දු වාසනාව ලද පිතිකරුවා විය.
07:06 PM
දඹුල්ල වයිකින් කණ්ඩායම
සමිට් පතෙල්, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), උපුල් තරංග, ඇන්ජලෝ පෙරේරා, දසුන් ෂනක (නායක), රමේෂ් මෙන්ඩිස්, සමියුල්ලා ෂින්වාරි, මාලින්ද පුෂ්පකුමාර, කසුන් රාජිත,  අන්වර් අලි සහ ලහිරු කුමාර

යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම
ජොන්සන් චාල්ස් (කඩුලු රකින්නා), අවිෂ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, ෂොයිබ් මලික්, චතුරංග ද සිල්වා, තිසර පෙරේරා (නායක), වනිඳු හ
06:57 PM
සූරියවැව ක්‍රීඩාංගණය පිහිටියේ අතිශය ශුෂ්ක මෙන්ම දැඩි උණුසුමක් පවතින ප්‍රදේශයක වූවත් අද සන්ධ්‍යාෙව් එහි තරමක සිසිල් ගතියක් පැවැති බව තණතීරුවේ තත්ත්වය ගැන අදහස් දැක්වූ රසල් ආනල්ඩ් සහ ඩැරන් ගංගා කීහ. එය පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරුවක් බවද දෙදෙනාගේම අදහසයි..
ලකුණු 170 ක් ලබාගත හැකි නම් 
06:50 PM
රාත්‍රියේදී ඇතිවිය හැකි පින්න පන්දුව අල්ලා ගැනීමේදී අපහසු තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් දඹුල්ල නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගන්නට ඇත. ඊයේ තරගයේදී දෙවැනි වර පන්දු රකිමින් සිටි කොළඹ කණ්ඩායමෙන් උඩපන්දු 4 ක් ගිළිහී ගිය අතර අවසන් ඕවරයේදී ගිළිහී ගිය උඩපන්දුව කොළඹ පිලට පරාජය ළඟා කර දුන්නේය. 
06:41 PM
තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය දඹුල්ල වයිකිංග්ස් පිල සහ යාපනය ස්ටැලියන්ස් අතර අද පැවැත්වේ. කාසියේ වාසිය දිනාගත් දඹුල්ල වයිකිංග්ස් පිල පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.

අදහස් (0)

යාපනය - ගාල්ල අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.