Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Blog archives එල්.පී.එල්. කුසලාන යාපනය ස්ටැලියන්ස්ට

එල්.පී.එල්. කුසලාන යාපනය ස්ටැලියන්ස්ට

editorial - 2020 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

යාපනයේ ස්ටැලියන්ස් සහ ගාල්ල ග්ලැඩියේටර්ස් අතර 2020 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. 
 

11:06 PM

තරගාවලියේ වීරයා - වනිඳු හසරංග (යාපනය ස්ටැලියන්ස්)
 

 

11:05 PM

තරගාවලියේ නැගීඑන ක්‍රීඩකයා - ධනංජය ලක්ෂාන් (ගාල්ල ග්ලැඩියේටර්ස්)
 

 

11:04 PM

අවසන් තරගයේ වීරයා - ෂොයිබ් මලික් (යාපනය ස්ටැලියන්ස්)
 

 

10:38 PMසූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද පැවැති අවසන් මහ තරගයේදී ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53 කින් පරාජය කරමින් යාපනය ස්ටැලියන්ස් ක්‍රීඩකයෝ එල්.පී.එල්. කුසලාන දිනාගත්හ. පළමු වරට පැවැති මෙම තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන ත්‍යාග මුදල ඩොලර් ලක්ෂයකි.

10:35 PMඕවර 20 - 135/9
ෂොයිබ් මලික්ගේ අවසන් ඕවරයට මුහුණ දුන් ලක්ෂාන් සඳකැන්.. පන්දු 6 ටම තට්ටු අල්ලමින් සිය කඩුල්ල රැකගත්තේය. එය නොයිඳුල් ඕවරයක් ලෙසින් සටහන් නොවූයේ අවසන් පන්දුවෙන් ලකුණක් ලබාගත් බැවිනි. පන්දු 24 කට මුහුණ දුන් ලක්ෂාන් සඳකැන් ලබාගත්තේ ලකුණු 9 කි

10:31 PM​ඕවර 19 - 134/9
පන්දු 6 කින් ආවේ එක ලකුණයි

10:28 PMඕවර 18 - 133/9
පන්දු 6 කදී ලකුණු 5 ක් පමණයි...දැන් පිතිකරුවන් කරන්නේ පහර කරා යනවාට වඩා කඩුල්ලේ රැඳී සිටීමයි...

10:26 PM​ඕවර 17 - 128/8
ගාල්ල ග්ලැඩියේටර්ස් තරගය අතහැර දැමූ බවක් පෙනෙන්නට තිබේ. ... අවසන් ඕවර 5 දී ලබාගෙන  ඇත්තේ ලකුණු 35 ක් පමණි. ඊට ප්‍රධානතම හේතුව වනිඳු හසරංගගේ පන්දු යැවීමයි... හසරංග සිය ඕවර 4 දී පිතිකරුවන් ලකුණු 18 කට සීමාකරමින් කඩුල්ලක්ද දවාගනී...

10:20 PMඕවර 16 - 124/8
යාපනය ස්ටැලියන්ස් ක්‍රීඩකයෝ කුසලානයට ආසන්න වෙමින් සිටිති. තරගයෙන් ජයගැනීමට නම් ගාල්ල ක්‍රීඩකයන් ඉතිරි පන්දු 24 කින් ලකුණු 65 ක් ලබාගත යුතුව තිබේ. අතැතිව ඇත්තේ කඩුලු 2 ක් පමණක් බැවින් එක්කෝ එය පිතිකරුවකුගේ උමතු ප්‍රහාරයකි. නැතහොත් පන්දු දෙකක කතාවකි.

10:15 PMඕවර 15 - 117/8
මේ වනිඳු හසරංග නම් ඉදිරියේදී බොහෝ වාරයක් පුවත් පත් ශීර්ෂ පාඨ සරසන ක්‍රීඩකයෙක්... ඒ බව ඔහු සිය මංගල එක්දින තරගයේදීත් පෙන්වා දුන්නා... පන්දු 6 යි.. ලකුණු 3 යි... කඩුලු 1 යි...

10:12 PM

ඕවර 14 - 114/7
ඩුඇන් ඔලිවියර්ගේ ඕවරයෙන් ලකුණු 18 ක් උදුරාගනී. ඔලිවියර්ගේ පන්දු දෙකකට පිට පිටම හයේ පහර දෙකකින් සංග්‍රහ කළ අසාම් ඛාන් ඊළඟ පන්දුවේදීත් එවැනිම පහරක් ගැසීමට යාමෙන් දැවී යයි.

 

10:09 PMඕවර 13 - 96/6
වනිඳු හසරංගගෙන් වටිනා ඕවරයක්... ලකුණු 3 ක් පමණයි. අවසන් පූර්ව තරගයේදී ගුග්ලි පන්දුව නිරන්තරයෙන් ප්‍රයෝජනයට ගත් හසරංග අද තරගයේදී පා දඟ පන්දුව වැඩියෙන් යොදාගනී... බුද්ධිමත් ක්‍රිකට් ක්‍රීඩාවක්....
වනිඳුගේ පන්දු යැවීම 2-0-11-0

10:02 PM

​ඕවර 12 - 93/6
උස්මන් ෂින්වාරිගේ පන්දුවකට පහරක් ගැසීමට ගිය ධනංජය ලක්ෂාන් කඩුලු රකින්නාට උඩපන්දුවක් දීමෙන් ලකුණු 9 කට දැවී යයි. පන්දු 9 යි... හතරේ පහර 2 යි...

 

09:59 PM​ඕවර 11 - 84/5
ධනංජය ලක්ෂාන් තමාගේ පිතිහරඹ හැකියාව පෙන්වමින් සිටිනවා.... පිට පිට පන්දු දෙකකදී වනිඳු හසරංගට හතරේ පහර දෙකක්. ....

09:53 PM

ඕවර 10  - 76/5
උස්මන් ෂින්වාරිගේ ඕවරයේදී ලකුණු 11 ක්. එහෙත් ෂෙහාන් ජයසූරිය දැවී යයි...ගාල්ල ග්ලැඩියේටර්ස් අසීරු ගමනක
දැනට පවතින ලකුණු වේගය ඕවරයකදී 7.60 යි... මෙතැන් සිට අවශ්‍ය ලකුණු වේගය ඕවරයකදී 11.30
 

 

09:39 PM

ඕවර 9 - 65/4
ෂොයිබ් මලික්ට 150 වැනි විස්සයි-20 කඩුල්ල තිළිණ කරමින් භානුක රාජපක්ෂ දැවී යයි. තම සීමා ඉරෙන් ඉදිරියට පැමිණ පන්දුවට පහර දුන් භානුක පන්දු 17 කින් ලකුණු 40 ක් ලබා දැවී යයි. (4 X 3, 6 X 4).. උස්මන් ෂින්වාරි.... අවසන් පූර්ව තරගයේදී විශිෂ්ට පන්දු රැකීම් කිහිපයකින්ම යාපනය පිල අවසන් තරගයට ගෙන ආ පාකිස්තානු පන්දු රකින්නා... තවත් අගනා පන්දු රැකීමක...
 

 

09:36 PM​ඕවර 8 - 58/3
තවත් හයේ පහර දෙකක්.... තිසර පෙරේරාගේ ඕවරයෙන් ලකුණු 15 ක්.... ගාල්ල ක්‍රීඩකයන් තරමක් හිස ඔසවන ආකාරයක් පෙනෙන්නට තියෙනවා...

09:33 PM

ඕවර 7 - 43/3
භානුක රාජපක්ෂ නායකයකු වශයෙන් බර කරට ගනි.... ධනංජය ද සිල්වා හමුවේ පිට පිටම ගැසූ හයේ පහර දෙකක් සමගින් ඕවරයේදී ලකුණු 13 ක් ...ඒත් ධනංජය සිය ඕවර 4 ලකුණු 31 කට සීමාකරගනී... 4-0-31-1...
මෙතෙක් හොඳම පන්දු යැවීම සුරංග ලක්මාල්ගෙන් 
 

 

09:32 PMඕවර 6 - 30/3
ලකුණු 6 ක් පමණයි.... ඒත් යාපනය කණ්ඩායම ඕවර 6 කදී කඩුලු 1 කට ලකුණු 51 ක් ලබා සිටියා...

09:31 PM​ඕවර 5 - 24/3
හතරේ පහරක් තිබුණත් ඕවරයේදී ලකුණු 7 ක් පමණයි...සාපේක්ෂව මදි... මොකද මේ තියෙන්නේ ප්‍රහාරාත්මක ඕවර .. හැකි තරම් ලකුණු සංඛ්‍යාවක් ලබාගත යුතු කාලය මේකයි

09:29 PM

ඕවර 4 - 17/3
පිතිකරුවන් වෙත එල්ලවන පීඩනයේ හොඳම නිදර්ශනය...සුරංග ලක්මාල්ගේ ඕවරයෙන් එක ලකුණක් පමණයි... කඩුලු 3 ක් දැවී ගිහින්... ලොකු පහර වලට ගිහිල්ලත් බෑ... නොගිහිල්ලත්  බෑ....

 

09:25 PMඕවර 3 - 16/3
ෂෙහාන් ජයසූරියගෙන් හයේ පහරක්.. ඕවරයේදී ලකුණු 9 ක්... එත් අසීරු ගමණක්

09:10 PMඕවර 2 - 07/3
සුරංග ලක්මාල්ගේ ඕවරයේදී සුපිරි පිතිකරුවෝ දෙදෙනෙක් දැවී යති. තරගාවලිය පුරා සාර්ථකම පිතිකරුවා වූ ධනුෂ්ක ගුණතිලක එක ලකුණකට දුවද්දී දැවී යයි. හතරේ පහරක පරතරයකින් අෂාන් අලීත් දැවී යයි...

09:01 PMඕවර 1 - 02/1
අයිස් මෑන්... ධනංජය.... නැත්නම් ධනා.... ආයෙමත් වැඩ අල්ලලා... තුන්වැනි පන්දුවේදීම හසරතුල්ලා සසායි දැවී යයි... ඕවරයේදී ලකුණු 2 ක් පමණයි

08:59 PMහඹායාම ඇරඹෙයි

08:46 PMඕවර 20 - 188/6
අවසන් ඕවරය යැවීමට පොඩි මාලිංග (නුවන් තුෂාර) කැඳවයි... පළමු පන්දුවටම තිසරගෙන් දැවැන්.....ත හයේ පහරක්... ඕවරයේදී ලකුණු 13 ක්... යාපනය ස්ටැලියන්ස් නායක තිසර පෙරේරා පන්දු 14 කදී ලකුණු 39 ක්. (4 X 5, 6 X 2)

08:41 PM

ඕවර 19 - 175/6
ඉනිමේ අවසන් ඕවරයට පෙර ඕවරය යැවීමට පාකිස්තානයේ පළපුරුදු ක්‍රීඩක මොහොමඩ් අමීර් කැඳවයි.... තිසර පෙරේරා පන්දු 9 කින් ලකුණු 27 යි.
අවසන් පන්දුවේදී වනිඳු හසරංග දැවී යයි.

 

08:38 PM

ඕවර 18 - 165/5
ෂොයිබ් මලික්ගේ අගනා ඉනිම නිසා වෙයි. ධනංජය ලක්ෂාන්ගේ තරමක් වේගය අඩාළ වූ පන්දුවකට ගැසූ පුල් පහරින් ඉහළ ගිය පන්දුව ඩීප් මිඩ් විකට්හි හතරේ සීමාව ආසන්නයේම සිටි හසරතුල්ලා සසායි උඩපන්දුවක් කරගනී. සසායි එතැන නොසිටියා නම් එය නිසැක වශයෙන්ම ලකුණු 6 කි. ෂොයිබ් මලික් පන්දු 35 කින් ලකුණු 46 යි (4 X 3, 6 X 1)
එහෙත් පන්දුව ඉහළ යන අතරේ පැති මාරු කරගත් තිසර පෙරේරා දැවැන්ත හයේ පහරකින් ඕව

 

08:29 PMඕවර 17 - 149/4
ෂොයිබ් මලික් කණ්ඩායමේ බර කරට ගෙන පිතිහරඹයේ.... මේ ක්‍රීඩකයන්ට තමා විස්තර විචාරකයන් Big Game Players කියලා කියන්නේ… ඔවුන්ගේ හොඳම දස්කම් එළියට එන්නේ පීඩනය වැඩිවන තරමටයි... ලංකාවේ අයගෙන් මේවගේ ක්‍රීඩකයන්ට තියෙන හොඳම උදාහරණය තමයි අරවින්ද ද සිල්වා....මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර...

ධනංජය ද සිල්වා දැවී ගියාට පස්සේ තිසර පෙරේරාත් පිට්ටනියට ඇවිත්.... අවසන් ඕවර 3 දී ප්‍රහාරය දියත් කරන්න&n

08:22 PMඕවර 16 - 140/4
ධනංජය විසින් ධනංජය දවාගනී.... තරුණ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ධනංජය ලක්ෂාන් තරමක් වේගය අඩාළ කරමින් යැවූ පන්දුවකින් ධනංජය ද සිල්වා දවාගනී.. පන්දු 20 යි, ලකුණු 33 යි. (4 X 2, 6 X 2)

මේ වන විට පවත්වාගෙන යනු ලබන වේගය ඕවරයකදී 8.77 යි.. ඉතාම සාර්ථක වේගයක්... ඉතිරි ඕවර 4 දී කඩුලු 5 ක් තියෙන නිසා ලකුණු 170 සීමාවට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අවසන් ඕවර 5 දී ලකුණු 58 ක් ලබාගෙන තියෙනවා.

08:17 PM​ඕවර 15 - 134/3
මොහොමඩ් අමීර්ගේ ඕවරයේදී තනි ලකුණු 5 ක් විතරයි. වයිඩ් පන්දුවකුත් තිබුණා...

08:15 PMඕවර 14 - 128/3
ඒ පාර ධනා.... ඒ කියන්නේ ධනංජය ද සිල්වා.... මෙයාට ශ්‍රී ලංකා පිලේ හිටපු පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් කිව්වේ ‘අයිස් මෑන්‘ කියලා... ඒ තරම්ම සීතලයි...නිශ්චලයි... හැබැයි ගැඹුරුයි... ෆෝඩ් මහතා ඒ කතාව කිව්වේ ඕස්ට්‍රේලියානු පිලට එරෙහිය ටෙස්ට් ශතකයක් ලබාගත්ත වෙලාවෙදි....
දැන් මේ ඕවරයෙදි සඳකැන්ගෙන් ලබාගත් ලකුණු 20 න් 19 ක්ම ධනාගේ.... 2, 6, 4, 6, 1 ක් වශයෙන්

08:09 PMඕවර 13 - 108/3
ෂොයිබ් මලික් පෙරමුණ ගනී. පන්දු 21 කින් ලකුණු 30 යි.. මෙම ඕවරයේදී සහන් ආරච්චිගේගෙන් ලකුණු 14 ක් උදුරා ගනී.

08:08 PMඕවර 12 - 94/3
හතරේ පහර 2 ක් සමගින් ලකුණු 11 ක් ගලා ආ ඕවරයක්. ධනංජය ද සිල්වාත් ෂොයිබ් මලික් එක්ව ලකුණු සංඛ්‍යාව ඉදිරියට තල්ලු කරති.

08:05 PMඕවර 11 - 38/3
සහන් ආරච්චිගේගෙන් තවත් සාර්ථක පන්දු යැවීමක්. ලකුණු 6 ක් පමණයි.

08:02 PMඕවර 10 - 77/3
කඩුලු දැවී ගියත් යාපනය ස්ටැලියන්ස් පිලෙන් සාර්ථක පිතිහරඹයක්... මේ තණතීරුවේදී ලකුණු 160 ක් පමණ ලබාගත හැකිනම් එය ජයග්‍රහණය සඳහා සාර්ථක අඩිතාලමක් වනු ඇත.

08:00 PMඕවර 9 - 73/3
අවිශ්ක ප්‍රනාන්දු දැවී යයි. පන්දු 23 කින් ලකුණු 27 ක් (4 X 1, 6 X 2). සහන් ආරච්චිගේගෙන් සාර්ථක පන්දු යැවීමක්

07:48 PMඕවර 8 - 67/2
චරිත් අසලංක දැවී යයි.

07:41 PMඕවර 7 - 61/1
අවිශ්ක හීන්සීරුවේම තමන්ගේ සුපුරුදු පිතිහරඹ රටාවට අවතීර්ණ වෙමින් සිටී. එහි විශේෂත්වය වන්නේ හයේ හතරේ පහර මෙන්ම ඔහුගේ ඉනිම තනි ලකුණු වලින්ද සමන්විත වීමයි

07:37 PM​ඕවර 6 - 51/1
අධිවේගී ඕවර 6 අවසන්.... තිසර පෙරේරා අතින් උඩපන්දුව ගිළිහී නොගියා නම් අවිශ්ක ප්‍රනාන්දුව දවාගත හැකිව තිබිණ. එහෙත් එය තරමක් අසීරු උඩපන්දුවක් නමුත් කලින් ඕවරයේදී ධනුෂ්ක ගුණතිලක රැකගත් උඩපන්දුව තරම් අසීරු එකක් නොවේ.

07:33 PM​ඕවර 5 - 48/1
ධනංජය ලක්ෂාන්ගේ අති විශිෂ්ට උඩපන්දු රැකීමකින් ජොන්සන් චාල්ස් දැවී යයි. පිටියට පැමිණි චරිත් අසලංකගෙන් මුහුණ දුන් පළමු පන්දුවටම එක්ස්ට්‍රා කවර්ස් හරහා හතරේ පහරක්

07:24 PMඕවර 4 - 42/0
ජොන්සන් චාල්ස් සහ අවිශ්ක ප්‍රනාන්දු සාර්ථක ආරම්භයක

07:20 PM​ඕවර 3 - 33/0
අවිශ්කගෙන් හයේ පහරක් වැදුනත්, ධනංජය ලක්ෂාන්ගෙන් තරමක් සාර්ථක ඕවරයක්

07:13 PM​ඕවර 2 - 25/0
හතරේ පහර 3 ක් සමගින් ලකුණු 14 ක්

07:08 PMඕවර 1 - 11/0
ජොන්සන් චාල්ස් ප්‍රහාරය අරඹයි.. පළමු ඕවරයේදීම ලකුණු 10 ක්. අවිශ්ක 1 යි

07:05 PMතරගය ඇරඹෙයි..
පළමු ඕවර මොහොමඩ් අමීර්ගෙන්

07:04 PMඅවසන් මහ තරගයේ තීරකවරයා ලෙසින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තීරක මඩුල්ලේ ප්‍රධානියා වන රන්ජන් මඩුගල්ලේ මහතා කටයුතු කරයි. තවත් අන්තර්ජාතික තීරක මඩුල්ලේ තවත් ඉහළ මණ්ඩලයේ විනිසුරුවරුන් දෙදෙනකු වන කුමාර් ධර්මසේන සහ රුචිර පල්ලියගුරුගේ යන මහත්වරු විනිසුරුවරු ලෙස කටයුතු කරති.

07:01 PM

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජයග්‍රාහකයන්ට ඩොලර් 100,000 ක මුදලත් ත්‍යාගයක් සමග කුසලානය හිමිවේ. අනුශූරයාට හිමි ත්‍යාගය ඩොලර් 50,000 කි.  

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට ඩොලර් 2500 ක් ද තරගාවලියේ වීරයාට ඩොලර් 8,000 ක් ද හිමි වේ.

 

06:51 PM

ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම
ධනුෂ්ක ගුණතිලක, හස්රතුල්ලා සසායි, අසාන් අලි, භානුක රාජපක්ෂ (නායක), අසාම් ඛාන් (කඩුලු රකින්නා), සහන් අරච්චිගේ, ෂෙහාන් ජයසූරිය, ධනංජය ලක්ෂන්, මොහොමඩ් අමීර් සහ ලක්ෂාන් සඳකැන්

යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම 
අවිෂ්ක ප්‍රනාන්දු, ජොන්සන් චාල්ස් (කඩුලු රකින්නා), චරිත් අසලංක, තිසර පෙරේරා (නායක), ෂොය

 

06:37 PMයාපනයේ ස්ටැලියන්ස් සහ ගාල්ල ග්ලැඩියේටර්ස් අතර 2020 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.


අදහස් (0)

එල්.පී.එල්. කුසලාන යාපනය ස්ටැලියන්ස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.