Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches ශූරයන්ගේ සටන 12 - 13 අම්බලන්ගොඩදී

ශූරයන්ගේ සටන 12 - 13 අම්බලන්ගොඩදී

editorial - 2023 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ පී.ද.එස්.කුලරත්න විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර දෙවැනි වරටත් සංවිධනය කෙරෙන ශූරයින්ගේ සටන වාර්ෂික ක්‍රිකට් තරගය මේ මස 12 සහ13 දෙදින අම්බලන්ගොඩ නගර සභා පිටියේදී පැවැත්වේ.

ගිය වසරේ පැවති ශූරයින්ගේ සටනේ මංගල තරගය අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩා පිටියේදීම පැවැති අතර එම තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

දේවපතිරාජ විද්‍යාලයේ සත්කාරකත්වයෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙවර තරගය එම ක්‍රීඩාංගණයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් නිසා අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් පිටියේම පැවැත්වීමට පියවර ගෙන තිබේ.

පී.ද.එස්.කුලරත්න විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා ලෙසහිරූෂ දෙව්මික ද උප නායකයාලෙස රවිෂාන් නෙත්සර ද කටයුතු කරති. ජීවක ශෂීන් දේවපතිරාජ විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස ද ඉරුෂ්ක තිමිර එහි උප නායකයා ලෙසද කටයුතු කරති.

දශක දෙකක පමණ ක්‍රිකට් ඉතිහාසයක් ඇති පී.ද.එස්.කුලරත්න විදුහල මේ වනවිට ඉතා සීඝ්‍රයෙන් ඉදිරියට පැමිණෙමින් ජාතික ක්‍රිකට් කණ්ඩායමට අත පොවන මායිමට ක්‍රීඩකයින් දෙතුන් දෙනෙකු සූදානම් කර තිබේ.

මීට වසර කිහිපයකට පෙර වයස 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ඕස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතවූ නිපුන් රංසික පී.ද.එස්.කුලරත්න විදුහලෙන් ක්‍රිකට් පිටියට පැමිණි අයෙකි. පී. ද. එස්. කුලරත්න විදුහල් කණ්ඩායම නියෝජනය කරන රවිශාන් නෙත්සර මේ වසරේ වයස 19 න් පහල ජාතික කණ්ඩායම් සංචිතයේ සිටින ක්‍රීඩකයෙකි.

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ II වන කොටසින් තරග වදින පී. ද. එස්. කුලරත්න විදුහල මෙවර තරගාවලියේදී තරග 5 කට මුහුණදී තරග දෙකක පූර්ණ ජය අත්කර ගත්තේය. තවත් තරග තුනක් ජය පරාජයෙන් තොරව අවසන් විය. පී. ද. එස්. කුලරත්න විදුහල අන්තර් පාසල් II වන කොටසේ එක් දින ක්‍රිකට් තරගාවලියේදී මේ වසරේ ශූරතාව දිනා ගෙන ඇති අතර ගිය වසරේදී මේ තරගාවලියේ සම ශූරතාව ද දිනා ගෙන තිබේ.

දේවපතිරාජ විද්‍යාලය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් දෙදෙනෙකු බිහිකර තිබේ. තරිදු කෞශල්‍ය සහ නිරුවන් තීක්ෂල ඔවුහුය. එමෙන්ම මෙවර වයස 19න් පහල ශ්‍රි ලංකා ජාතික කණ්ඩායම් සංචිතයේද ක්‍රීඩකයින් දෙදෙනෙකු සිටිති. පවන් සංදේෂ් සහ ජීවක ශසේන් ඔවුහු දෙදෙනා වෙති.

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසින් තරග වදින දේවපතිරාජ විදුහල් කණ්ඩායම මෙවර තරගාවලියේදී  තරග 13 කට මුහුණදී  තරග 11 ක්ම ජයපරාජයෙන් තොරව අවසන් කරගත්තේය. තරග දෙකක් පරාජයට පත්ව තිබේ.

 

අම්බලන්ගොඩ පී.ද.එස්.කුලරත්න විද්‍යාලය

 

රත්ගම දේවපතිරාජ විද්‍යාලය


අදහස් (0)

ශූරයන්ගේ සටන 12 - 13 අම්බලන්ගොඩදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.