Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches කඳුරට රන් සටන අද-හෙට

කඳුරට රන් සටන අද-හෙට

editorial - 2023 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර වාරියපොල ශ්‍රී සුමංගල විදුහලත් කටුගස්තොට රාහුල විදුහලත් අතර 25 වැනි වතාවටත් සංවිධානය කරන කඳුරට රන් මහා සටන වාර්ෂික මහා ක්‍රිකට් තරඟය අද සහ හෙට (19-20) දෙදින අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

යසරත්න තෙන්නකෝන් පලිහ සඳහා පැවැත්වෙන මෙම මහා ක්‍රිකට් තරඟයේ මෙතෙක් පැවැති තරග 24 න් තරඟ හතරක ජය ශ්‍රී සුමංගල විදුහල හිමිකරගෙන සිටින අතර අනෙකුත් තරග ජය පැරදුමෙන් තොරව නිමාවී තිබේ .

තේනුක ඒකනායකගේ නායකත්වයෙන් යුතු සුමංගල විදුහල මේ තරගවාරයේ තරග 07 කට මුහුණ දී අකුරණ අල් අසාර් විදුහලට එරෙහිව තරගයෙන් පූර්ණ ජයක් වාර්තා කොට ඉතිරි තරගය ජය පැරදුමෙන් තොරව නිමා කොට තිබේ.

එම විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වා ඇති කෙවින් කරුණාරත්න අර්ධ ශතක තුනක් සමග ලකුණු 264 ක් ද, තරිඳු ලක්ෂාන් අර්ධ ශතක දෙකක් සමඟ ලකුණු 247 ක් රැස්කර තිබේ. පන්දුවෙන් දස්කම් දක්වමින් තෙනුක රේණුකා ඒකනායක කඩුලු‍ 16ක් ද, මොයිදු දිනෙත් කඩුලු‍ 14 ක් ද බිඳ හෙළා ඇත.

ෂෙහාන් මල්වත්තගේ නායකත්වයෙන් යුතු රාහුල විදුහල මේ තරග වාරයේ තරග 08 කට මුහුණදී කිංස්වුඩ්, කෑගල්ල ශාන්ත මේරී සහ මඩවල මදිනා විදුහල්වලට එරෙහිව පූර්ණ ජය වාර්තා කොට ඉතිරි තරග ජය පැරදුමෙන් තොරව නිමා කර තිබේ.

එම විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වා ඇති දිනෙත් අබේසේකර ලකුණු 460ක් සහ තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන සුමේධ ප්‍රසාද් ලකුණු 380 ක් සමග කඩුලු‍ 40 ක් දවාගෙන තිබේ.

පන්දුවෙන් දස්කම් දක්වා ඇති දිනාල් ගාර්දියවසම් කඩුලු‍ 29 ක් ද, අසංක මනෝජ් කඩුළු 15 ක් ද දවාගෙන තිබේ.


අදහස් (0)

කඳුරට රන් සටන අද-හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.