Last Update  :  2024-10-07 23:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches දෙනුවර සංග්‍රාමය 29 දා

දෙනුවර සංග්‍රාමය 29 දා

editorial - 2024 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ගම්පොළ සුරංග රාජනායක)

ගම්පොළ වික්‍රමබාහු විද්‍යාලය සහ නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසල අතර වාර්ෂික මහ ක්‍රිකට් තරගය මේ මස 29 වැනිදා ගම්පොළ වික්‍රමබාහු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.  ‘දෙනුවර සංග්‍රාමය‘ ලෙස ප්‍රකට මෙම ක්‍රිකට් තරගාවලිය  2001 වසරේදී අරඹා තිබුණි.

මෙම තරගය 2011 වසරේ සිට නවතා දමන ලදි. එහෙත් වික්‍රමබාහු ජාතික පාසලේ විදුහල්පතිනි කෝකිලා එදිරිසිංහ මහත්මිය සහ නාවලපිටිය ජාතික පාසලේ විදුහල්පති මලින්ද පීරිස් මහතාගේ අනුමැතිය ඇතිව, ආදී සිසු සංගම් මැදිහත්වීමෙන්, මෙම තරගය මේ වසරේදී යළි ඇරැඹීමට කටයුතු කර තිබේ.

තරගයට සහභාගි වන කණ්ඩායම් පසුගියදා හඳුන්වාදෙන ලද අතර ගම්පොල වික්‍රමබාහු ආදි සිසු සංගමයේ සභාපති මහින්ද උයන්වත්ත මහතා සහ එහි ලේකම් ගාමිණී ජයසේකර අනුරුද්ධ මහතාත්, පුහුණුකරුවෝ  ඇතුළු පිරිසක් ද සහභාගි වී සිටියහ.

වික්‍රමබාහු විද්‍යාලයීය කණ්ඩායම

නිතිල රන්දිල් (නායක), නිම්නදු සොයිසා (උපනායක), කංචක සම්පත්, ධනුක නිවුමාල්, ගීත් මලින්ද, ඉරුස අජිත්, ඉහිමිර දසාන්, කවිඳු දිල්ෂාන්, කැලුම් සඳරුවන්, කවිඳු රසංජන, වරුණ සසින්තන, දිනෙත්අනුරන්, ධනුෂ්ක ධනංජය, මදුෂාන් රහිඳු, ලක්ෂිත දහම්වින සහ කනිෂ්ක දේශාන්

 

අනුරුද්ධ ජාතික පාසල් කණ්ඩායම

අචින්ත සංකල්ප (නායක), බිපුල රක්ෂිත (උප නායක), චමෝත් කවිඳු, ඉනෝෂ කවිඳු, ස⁣ශේන් නිම්සර, අදීශ ඔෂාන්, ඉෂාන් සජිත්, ලක්ෂිත දිල්රුක්, මාලින්ද රන්මිණ, පවර හිමංස, උත්පල සුලෝචන, ලකිඳු හිරාන් සහ ඉඳුවර නෙත්සර


අදහස් (0)

දෙනුවර සංග්‍රාමය 29 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.