Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ සිලෝන් මාස්ටර්ස් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලිය නොවැම්බර් මස 26 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගාවලිය දෙස් විදෙස් ජ්‍යෙෂ්ඨ බැඞ්මින්ටන් තරගකරුවන් සඳහා විවෘත වේ.
එහිදී අවුරුදු 35න් ඉහළ, 40න් ඉහළ, 45න් ඉහළ, 50න් ඉහළ, 55න් ඉහළ, 60න් ඉහළ, 65න් ඉහළ සහ 70න් ඉහළ යන වයස් කාණ්ඩ 8 යටතේ පිරිමි සහ කාන්තා අංශ සඳහා කේවල සහ යුගල තරග පැවැත්වේ. සෑම වයස් කාණ්ඩයකම ජයග්‍රාහකයන් සඳහා පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කෙරෙන අතර සෑම කාණ්ඩයකම ශූරතාව සහ අනු ශූරතාව සඳහා අමෙරිකානු ඩොලර් 7,500 ක් බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමේ.
තරගාවලියට සහභාගි වීමට බලාපොරොත්තු වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අඅඅගජැහකදබප්ිඑැරිගජදප යන වෙබ් අඩවිය ඔස්සේ නොවැම්බර් මස 12 වැනිදාට පෙර තරගාවලිය සඳහා ලියාපදිංචි විය හැකිය. තරගාවලියේ තරග පෙළ ගැස්ම නොවැම්බර් මස 19 වැනිදා සකස් කිරීමට නියමිතය.
තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණයේ වෛද්‍ය කණ්ඩායමක් රඳවා තැබීමටත්, අවශ්‍යතාව මත ගිලන් රථ සේවාවක් ක්‍රියාත්මක කිරිමටත් තරග සංවිධායකයෝ සංවිධායකයෝ සූදානමින් සිටිති. තරගාවලියට සහභාගි වන තරගකරුවන්ට භෞතචිකිත්සකවරයකුගේ සේවය ලබාගැනීම සඳහා කටයුතු සූදානම් කිරීමටද බලාපොරොත්තු වෙති.
ක්‍රීඩකයන්ගේ ගමන් පහසුව සහ නවාතැන් පහසුකම් සඳහා කොළඹ තරු පන්තියේ හෝටල 5 ක් තරග සංවිධායකයන් සමග එක්ව සිටින අතර තරගාවලියේ ඇතුළත්වීමේ ගාස්තු, ප්‍රවාහන, නවාතැන් සහ ආහාර පානද එම පහසුකම් අතර වේ.
තරගාවලිය පිළිබඳ වැඩි දුර තොරතුරු කොළඹ 2, වොක්ෂෝල් වීදියේ, අංක 284 ස්ථානයේ පිහිටි සිලෝන් මාස්ටර්ස් බැඞ්මින්ටන් සංගම් කාර්යාලයෙන් ලබාගත හැකිය. 011-2332375 සහ 077-7996699 යන දුරකතන අංක ඔස්සේ හෝ info@ceylonmasters.com සහ register@ceylonmasters.com යන විද්‍යුත් තැපෑල ඔස්සේද තරගාවලිය පිළිබඳ වැඩි දුර තොරතුරු ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.