Last Update  :  2024-10-07 23:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් පිල චීනයට

ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් පිල චීනයට

editorial - 2024 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ලෝක බැඩ්මින්ටන් සම්මේලනය විසින් මෙහෙයවනු ලබන පළමු ශ්‍රේණියේ තරගාවලි දෙකක් වන ‘යොනෙක්ස් සුහන්දිනටා’ කුසලාන ලෝක කනිෂ්ඨ කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලියට සහ ‘යොනෙක්ස් අයි. ලෙවල්’ කුසලාන ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත්දා දිවයිනෙන් පිටත්ව ගියේය. 

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 7 දෙනකු සහ ක්‍රීඩිකාවන් 8 දෙනකු ඇතුළත් වන අතර ෂෙනුක් සමරරත්න පිරිමි කණ්ඩායමේත්, රනිත්මා ලියනගේ කාන්තා කණ්ඩායමේත් නායක නායිකාවන් ලෙස කටයුතු කරති. 

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ මගපෙන්වීම යටතේ චීන බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන මෙම තරගාවලි ද්විත්වයේ සුහන්දිනටා කුසලාන ලෝක කනිෂ්ඨ කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලිය මෙම මස 30 වැනිදා සිට ඔක්තෝබර් මස 5 වැනිදා දක්වා ද, අයි. ලෙවල් කුසලාන ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය ඔක්තෝබර් මස 7 වැනිදා සිට 13 දින දක්වා ද චීනයේ නැංචැං ජාත්‍යන්තර ක්‍රීඩා මධ්‍යස්ථානයේදී පැවැත්වේ. 

ලොව ප්‍රබලතම බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන එම තරගාවලි ද්විත්වයට රටවල් 40 ක් සහභාගිවන අතර ශ්‍රී ලංකාව එහිදී ‘එෆ්’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙනු ඇත. ශ්‍රී ලංකාව සමග ඉන්දුනීසියාව, පෝලන්තය, උතුරු මරියානාස් සහ මැකාවෝ ‘එෆ්’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය. තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන්දින පුහුණු වැඩසටහනකට ද සහභාගි වීමට නියමිත අතර එය මෙම ඊයේ (26 වැනිදා) සිට 28 දින දක්වා පැවැත්වීමට නියමිතව තිබිණ. 

සහන් දීලක සහ දුමින්ද නිරෝෂණ මහත්වරු පුහුණුකරුවන් ලෙසත්, අසංක විජේසුන්දර, සුමිත්‍රා දිසානායක, බුද්ධික ද සිල්වා, විජයලක්ෂ්මි පුංචිහේවා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරී මණ්ඩලය ලෙසත් සංචාරයට එක්වී සිටිති. 


ශ්‍රී ලංකා බාලක බැඩ්මින්ටන් කණ්ඩායම 
ෂෙනුක් සමරරත්න (නායක), තිළිණ රාජකරුණා, තිදස වේරගොඩ, අචින්ත්‍ය මඩපාතගේ, පසිඳු මිහිරංග, සංජුල හඳපාන්ගොඩගේ සහ පමිත් අත්තනායක 

ශ්‍රී ලංකා බාලිකා බැඩ්මින්ටන් කණ්ඩායම
රනිත්මා ලියනගේ (නායිකා), සිතුලි රණසිංහ, රෂ්මි භාග්‍යා මුදලිගේ, වරංගනා ජයවර්ධන, දිලිනි අම්බලන්ගොඩගේ, සඳති හේවාගාල්ලගේ, ඉසුරි අත්තනායක සහ සිතුමි මිනාරා ද සිල්වා 


අදහස් (0)

ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් පිල චීනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.