Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එකම නව වාර්තාවක් හෝ බිහිනොවූ (මලල ක්‍රීඩා) උළෙලක් ලෙස ඉතිහාසගත වන අනුරාධපුරයේදී නිමාවට පත්වූ 29 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව මෙවරත් රැක ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කය සමත් විය. අනුරාධපුර උතුරුමැද පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ (30) නිමාවට පත්වූ 29 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල මලල ක්‍රීඩා තරගාවලියෙන් නිමාවට පත්විය.
එහිදී ගියවර අනුශූරතාව ලද කොළඹ හා තෙවැනි ස්ථානය ලද මහනුවර යන දිස්ත්‍රික්කයන්හි මෙවර පසුබෑම මැනවින් කැපී පෙනුණි. දිස්ත්‍රික්ක හා කලාප 26 ක් ආවරණය වන පරිදි මෙවරත් යොවුන් ක්‍රීඩා උළෙල පැවැත්වීමේදී කොළඹ දිස්ත්‍රික්කය පමණක් කලාප දෙකකට බෙදා වෙන් වෙන අතර එහිදී නාගරික තරුණයා කලාපයේ පසුබෑමද කැපී පෙනුණි.
නාගරික තරුණයා කලාපය ගියවර (2016) ක්‍රීඩා උළෙලේදී 10 වැනි ස්ථානය ලබාගෙන තිබුණත් මෙවර ඔවුන්ට 14 වැනි ස්ථානය තෙක් පහළටයාමට සිදුවිය. එහිදී නගරය මෙන්ම ගමේ කඩාවැටීම ද ඇතැම් දිස්ත්‍රික්කයන්හිදී දක්නට ලැබුණු අතර ගියවර 12 වැනි ස්ථානය අත්කර ගත් මොනරාගල දිස්ත්‍රික්කය මෙවර 21 වැනි ස්ථානය තෙක් පහළට ඇදවැටී තිබුණි.
මුලතිව් දිස්ත්‍රික්කය මෙවර ක්‍රීඩා උළෙලේදීත් ඉතිහාසගත වන්නේ කිසිදු ලකුණක් ලබාගැනීමට අපොහොසත්වූ දිස්ත්‍රික්කය ලෙසය.
ජාතික මහා ක්‍රීඩා උළෙලට පමණක් දෙවැනි වන ජාතික යොවුන් ක්‍රීඩා උළෙල මලල ක්‍රීඩා හැරෙන්නට තවත් ක්‍රීඩා ඉසව් 15 කින් සමන්විතය. වොලිබෝල්, කබඩි, කායවර්ධන හා කඹ ඇදීමේ තරග මාලාහි අවසන් මහා තරගද අනුරාධපුරයේදී එම දිනවල පැවැත්වුණි. එහිදී වොලිබෝල් කාන්තා හා පිරිමි ශූරතා දෙකම දිනාගැනීමට මාතර දිස්ත්‍රික්කය සමත් විය.
පාපන්දු තරගාවලියේදී රන්, රිදී හා ලෝකඩ පදක්කම් තුනම උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කරන කණ්ඩායම් හිමිකර ගත්තේය. ඒ අනුව පාපන්දු (පිරිමි) ශූරතාව යාපනය දිස්ත්‍රික්කයද අනුශූරතාව මඩකලපුව දිස්ත්‍රික්කයද හා තෙවැනි ස්ථානය වවුනියාව දිස්ත්‍රික්කයද හිමිකර ගත්තේය.
විදුලිපුර විදුලි ධාවකයා යයි එදා මුල් වරට ප්‍රචලිතවූ හිටපු මීටර 400 සුපිරි ක්‍රීඩක සුගත් තිලකරත්නගේ පළමු අවධානය දිනාගත් ධාවනය සිදුවූ එකල අනුරාධපුරය මහජන ක්‍රීඩාංගණය යනුවෙන් හැඳින්වූ වත්මන් උතුරු මැද පළාත් ක්‍රීඩා සංකීර්ණ එළිමහන් පිටියේ තණකොළ සහිත ධාවන පථය බොහෝ කඩතොළු ස්වභාවයක් ගත්තේය. එම තත්ත්වය තුළ එහි නව තරග වාර්තා බිහිවීම ගැන වඩාත් සැක පහළවීම සනාථ කරමින් ධාවන ඉසව්හිදී කිසිදු නව වාර්තාවක් බිහි නොවීය.
ඒ අතර පිටියේ ඉසව්හිදී තුන්පිම්ම ඉසව්වේ ජාතික ශූරිය වන විදුෂා ලක්ෂානි ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එම ඉසව්වේ වයස 20 න් ඉහළ කාන්තා කාණ්ඩයේ මීටර 13.07 ක දක්ෂතාවයක් පළකළත් එය නව තරග වාර්තාවක් ලෙස පිළිනොගැනුණි. ඊට හේතුවූයේ එහි නව තරග වාර්තාව මීටර 12.86 ක් ලෙස සටහන්වී තිබුණත් විදුෂාගේ නව පැනීමේ දුර සඳහා සුළඟද ආධාරයක් වූ බවට තීරණය වීමය. එසේ වුවත් මෙවර ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි ස්කූටරය හිමිකර ගැනීමට ඇයට එය ප්‍රමාණවත් වූවාය.
මේ අතර ජාතික කෙටි ධාවන ශූරී රුමේෂිකා රත්නායක කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මීටර 100 කාන්තා වයස 20 න් ඉහළ ඉසව්වේ තරග වැදුණු අතර තත්පර 12.09 කට එහිදී ඇගේ නිමි කාලය වාර්තා විය. ඇය මෙවර ක්‍රීඩා උළෙලේදී මීටර් 100 - වයස 20 න් ඉහළ කාන්තා ඉසව්වද ජයගත් ක්‍රීඩිකාවයි.
මොනරාගල, කිලිනොච්චිය, මාතලේ, රත්නපුරය, මන්නාරම යන දිස්ත්‍රික්ක මෙවර සමස්ත ක්‍රීඩා උළෙලේදී රැස්කර තිබුණේ ලකුණු 10 කට අවම ගණනකි. කෙසේ වුවත් පසුගිය ක්‍රීඩා උළෙල හා සංසන්දනය කිරීමේදී ශූරතාලාභී ගම්පහ දිස්ත්‍රික්කය රැස්කළ ලකුණු ගණන අවමවී තිබුණි.
වඩාත් උසස් තත්ත්වයකින් මෙවර ක්‍රීඩා උළෙල සංවිධානය කිරීමට තරග සංවිධායකයෝ ගත් උත්සාහය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හා නිලධාරීන් බහුතරයකගේ ඇගයීමට ලක්විය. විශේෂයෙන් ඊට දින කීපයකට පෙර මාතර කොටවිලදී නිමාවට පත්වූ 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල හා සංසන්දනය කිරීමේදී මෙවර යොවුන් ක්‍රීඩා උළෙලේ සංවිධාන කටයුතු වඩාත් උසස් තත්ත්වයක් ගත් බව ඔවුන්ගේ අදහසයි.
ජාතික තරුණ සේවා සභාව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි මෙවරත් ක්‍රීඩා උළෙල සංවිධානය කිරීමේදී ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය ද ඒ සඳහා සහයෝගය දැක්වීය.
මෙම ක්‍රීඩා උළෙල සෙසු ප්‍රධානතම ක්‍රීඩා උළෙලට වඩා සංකීර්ණ මුහුණුවරක් ගත්තේ සමස්ත ක්‍රීඩා උළෙලේ සියලුම ක්‍රීඩා ඉසව් වයස 20 න් පහළ හා 20 න් ඉහළ කාන්තා හා පිරිමි පරිදි ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමෙන් එහි ක්‍රීඩා ඉසව් දෙගුණයකින් වැඩි වන බව ජාතික තරුණ සේවා සභාවේ ප්‍රචාරක නිලධාරි අනිල් සිරිවර්ධන මහතා පවසයි.
ඒ අනුව මලල ක්‍රීඩා තරගාවලිය ඉසව් 64 කින් සමන්විතය.
29 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ 10 වැනි ස්ථානය දක්වා පැමිණි දිස්ත්‍රික්ක
1 ගම්පහ - 116,
2 කුරුණෑගල - 92,
3 කෑගල්ල - 83,
4 පුත්තලම - 75,
5 මහනුවර - 63,
6 කොළඹ - 54,
7 බදුල්ල - 52,
8 කළුතර - 45,
9 ගාල්ල - 44,
10 අනුරාධපුරය - 41.
(මලල ක්‍රීඩා ශූරතා)
වයස 20 න් පහළ
ශූරතාව - මහනුවර (49),
අනුශූරතාව - ගම්පහ (46)
වයස 20 න් ඉහළ
ශූරතාව ගම්පහ (48),
අනුශූරතාව - කුරුණෑගල (46)
සමස්ත ශූරතාව සමග රුපියල් 150000 ක ත්‍යාග මුදලක් දිනාගත්තේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමයි.
අනුශූරතාව ලද කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායමට රුපියල් ලක්ෂයක් ප්‍රදානය කෙරුණි.
මලල ක්‍රීඩා තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනාට හිමි යතුරුපැදි හා ස්කූටර් පැදි දිනා ගත් ජී.එච්.අයි. ප්‍රනාන්දු (වයස 20 න් පහළ පිරිමි දුර පැනීම මීටර් 7.08), ඩී.ටී.ඒ. ද සිල්වා (වයස 20 න් පහළ කාන්තා මීටර් 100 තත්ත්පර 12.32), ප්‍රසාද් විමලසිරි (වයස 20 න් ඉහළ පිරිමි දුර පැනීම මීටර 14.47) හා විදුෂා ලක්ෂානි (වයස 20 න් ඉහළ තුන්පිම්ම කාන්තා මීටර 13.07) ජාතික තරුණ සේවා සභාවේ සභාපති ඩබ්.ජී.එස්. එරන්දික මහතා සමග.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.