Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර පාසල් 23 ක සහභාගීත්වයෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (25) නිමාව දුටු අන්තර් ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 39 ක් දිනාගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල එහි සමස්ත ශූරතාව මෙවරත් හිමිකර ගත්තේය. වත්තල ලයිසියම් පාසල මෙම තරගාවලිය ජයගත් නවවෙනි අවස්ථාව මෙය වේ.
මෙවර තරගාවලියේ ස්ථාන තීරණය කිරීමේදී වෙනස් ක්‍රමයක් අනුගමනය කර තිබිණ. මෙතෙක් කලක් ප්‍රසාද ලකුණු ක්‍රමයට තරගාවලියේ ස්ථාන තීරණය කෙරුණද මේ වසරේ සිට දිනා ගන්නා පදක්කම් මත ස්ථාන තීරණය කෙරිණ. ඒ අනුව රන් පදක්කම් 39 ක්, රිදී පදක්කම් 33 ක් හා ලෝකඩ පදක්කම් 21 ක් හිමිකරගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමස්ත ශූරයන්ට හිමිවන ආර්.අයි.ටී. අලස් අනුස්මරණ කුසලාන අත්කරගත්තේය.
දෙවැනි ස්ථානය කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල හිමිකර ගත්තේ රන් පදක්කම් 22ක් ලබමිනි. රන් පදක්කම් 19ක් ලද සත්කාරක නුගේගොඩ ජාත්‍යන්තර පාසල එහිදී අත්කරගත් රන් පදක්කම් ගණන 19 කි.
දින තුනක් පුරා වයස් කාණ්ඩ හතරක් යටතේ මලල ක්‍රීඩා ඉසව් 106 ක් තරගාවලියේදී පැවැත්වුණි. අභියෝග ශූරතා 16ක් දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ප්‍රදානය කෙරේ.
වයස 20න් පහළ තුන්පිම්ම බාලිකා ඉසව්වෙන් මීටර් 12.39 ක දක්ෂතාවක් දැක්වූ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ රන්දි හිමාෂා කුරේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස රිට්ස්බරි අභියෝග ශූරතා කුසලාන දිනාගත්තාය. රන්දිගේ එම දක්ෂතාව ඇයට තරගාවලියේ වාර්තා වූ හොඳම දක්ෂතාවට ප්‍රදානය කෙරෙන එඩෙක්සෙල් අභියෝග ශූරතා කුසලාන හිමිකර ගැනීමට ද ප්‍රමාණවත් විය. මෙම ඉසව්වේ කාන්තා ශ්‍රී ලංකා වාර්තාව මීටර් 13.64කි. (විදූෂා ලක්ෂානි - 2017)
රිට්ස්බරි අභියෝග ශූරතා කුසලාන දිනාගත් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූයේ මේනුක කස්තුරිආරච්චිය. ඒ උස පැනීම වයස 20න් පහළ බාලක ඉසව්වෙනි.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා හා ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ විදුහල්පතිනි කුමාරි ගේරු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත ප්‍රදානෝත්සවය පැවැත්විණ.
අන්තර් ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ විශේෂ අවස්ථා ...
ඡායාරූප - විකුම් ප්‍රියදර්ශන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.