ලබන මස (ජුලි) 4 වැනිදා රුසියාවේ යාතුතාහිදී ආරම්භ වන 6 වැනි ආසියානු ජාත්‍යන්තර ළමා ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් සමන්විත මලල ක්‍රීඩා කණ්ඩායමක් ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය හා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය එක්ව නිර්දේශ කර තිබේ.
රුසියානු ළමා ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නිර්දේශ කිරීමේදී ආරවුල් තත්ත්වයක් උද්ගතවූයේ ඒ සඳහා එම සංගම් දෙක වෙන වෙනම තේරීම් තරගාවලි දෙකක් පැවැත්වීම නිසාය.
ඒ මෙම තරග සංචාරයට පාසල් සංගමය මෙන්ම මලල ක්‍රීඩා සංගමයත් අයිතිය කියා පෑමය. කෙසේ වුවත් දෙපාර්ශ්වයෙන්ම නිර්දේශ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම් දෙකක් ජාතික ඔලිම්පික් කමිටුවට ඉදිරිපත්වීමෙන් පසුව නව ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගෙන තිබේ. එහිදී පාසල් මලල ක්‍රීඩා සංගමයේ නිර්දේශ කණ්ඩායමෙන් 10ක් ද, මලල ක්‍රීඩා සංගමයේ නිර්දේශ කණ්ඩායමෙන් 5 ක්ද වන පරිදි ඒකාබද්ධ කණ්ඩායමක් තෝරා ගත් බව “ලංකාදීපය” කළ විමසුමක දී අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) උපාලි අමරතුංග මහතා පැවසීය.
රුසියාවේ දී පැවැත්වෙන 6 වැනි ආසියානු ජාත්‍යන්තර ළමා ක්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම -
බාලිකා කණ්ඩායම
කල්පනී ද සොයිසා (වලල ඒ. රත්නායක විදුහල - මීටර් 1500), මදාරා පියුමිණී වීරසූරිය (කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහල - මීටර් 100, මීටර් 200) වසන්ති මාරිස්ටෙලා (කුලියාපිටිය මැදි විදුහල - බාධක දිවීම), සඳමිණි චවිප්‍රභාෂි පත්මසිරි බණ්ඩාර (කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහල - මීටර් 400), ශානිකා ලක්ෂාණි (ගම්පහ සිරිකුරුස බාලිකා විදුහල - මීටර් 400), ජිහානි දිනේෂා ගෝමස් (තුඩැල්ල නිමලමරියා කන්‍යාරාමය), විශ්වි සඳුනිකා අබේරත්න (ඇඹිලිපිටිය ජනාධිපති විදුහල - මීටර් 400 කඩුලු) ප්‍රසාදි ලක්ෂාණි (ගම්පහ සිරිකුරුස බාලිකා විදුහල - උස පැනීම)
බාලක) කණ්ඩායම
යොහාන් සෙව්වන්ද (මීගමුව - මාරිස්ටෙලා විදුහල මීටර් 110 - කඩුලු), ශාලිත වීරසිංහ (කොටහේන ශාන්ත බෙනඩික් විදුහල - මීටර් 200), ලක්ෂාන් සුපුන් ඒකනායක (වලල ඒ. රත්නායක මැදි විදුහල - බාධක දිවීම), සෙහිරු චෙනුක (කොළඹ රාජකීය විදුහල - උසපැනීම), හිරන්ත සජිත් රත්නායක (කටුගස්තොට ආදර්ශ විදුහල - දුර පැනීම), ප්‍රමෝද් ඩිල්ෂාන් (කඳාන ද මැසිනොද් විදුහල - තුන්පිම්ම), අදීෂ අංජන (කොළඹ ලුම්බිණි විදුහල - මීටර් 400)
කළමනාකරු - ඉන්දික ඇටිපොල මහතා,
ක්‍රීඩිකාවන් භාර නිලධාරිනි - නිල්මිණි සන්ධ්‍යා කාන්ති මහත්මිය.
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.