Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics හත්වැනි වරටත් ශූරතාව ගම්පහට
ජාතික යොවුන් ක්‍රීඩා

හත්වැනි වරටත් ශූරතාව ගම්පහට

editorial - 2021 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සුගතදාස පිටියේ දී අද (22) නිමාව දුටු 33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව ගම්පහ දිස්ත්‍රික්කය විසින් දිනා ගන්නා ලදී. එය එම දිස්ත්‍රික්කය ක්‍රීඩා උළෙල පිට පිටම ජයගත් හත්වැනි අවස්ථාවයි. ඒ ලකුණු 170 ක් ලබමිනි.

එහිදී අනු ශූරතාව ලකුණු 102කට හිමිවූයේ කොළඹ දිස්ත්‍රික්කයටයි. මහනුවර දිස්ත්‍රික්කය තෙවැනි ස්ථානය හිමිකර ගත්තේ ලකුණු 93කටය. දින හතරක් පුරා සුගතදාස පිටියේ පැවැති ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා නව තරග වාර්තා 11ක් බිහිවිය. රුපියල් මිලියනයක් බෙදාදුන් මෙවර ක්‍රීඩා උළෙලේ වයස 20න් පහළ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මීටර් 100 කඩුලු පැනීමෙන් නව වාර්තාවක් (තත්පර 14.27) පිහිටු වූ සිතිජ කෞෂල්‍ය ඩයස් ද (කුරුණෑගල) දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මීටර් 400 ඉසව්වෙන් තත්පර 56.00කට නව වාර්තාවක් පිහිටුවූ ගම්පහ දිස්ත්‍රික්කය සයුරි ලක්ෂිමා මෙන්ඩිස් ද සම්මාන ලැබූහ.

එහිදී වයස 20න් ඉහළ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාවට සම්මාන ලැබුවේ එච්.බී. යසිඳු හේරත් විසිනි. ඔහුගේ දක්ෂතාවය වූයේ දුර පැනීමෙන් මීටර් 7.52 ක පිම්මකි. ඔහු මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රීඩකයෙකි. ඒ අතර වයස 20න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව වූයේ මීටර 400 කඩුලු ඉසව්වෙන් තත්පර 60.44 ක දක්ෂතාවයක් පළ කළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෞෂල්‍යා මධුෂානිය.

මෙවර සමස්ත ශූරතාව දිනාගත් ගම්පහ දිස්ත්‍රික්කයට රුපියල් 150000ක්ද අනුශූරතාලාභී කොළඹ දිස්ත්‍රික්කයට රුපියල් ලක්ෂයක් හා තෙවැනි ස්ථානය ද මහනුවර දිස්ත්‍රික්කයට රුපියල් 75,000ක්ද ප්‍රදානය කෙරුණි.

දිස්ත්‍රික් හා කලාප 25ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් මලල ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා ඉසව් 18ක් සඳහා මෙම ක්‍රීඩා උළෙලට සහභාගි වූහ.


අදහස් (0)

හත්වැනි වරටත් ශූරතාව ගම්පහට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.