Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics යුපුන් ඔලිම්පික් වරම් අභියස

යුපුන් ඔලිම්පික් වරම් අභියස

editorial - 2021 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉතාලියේදී පුහුණුවීම් හදාරන ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන් ප්‍රසාද ලකුණු ක්‍රමය යටතේ එළඹෙන ටෝකියෝ ඔලිම්පික් උළෙලේ නිර්දේශ තහවුරු කර ගැනීම සඳහා ඉතා ආසන්නතාවයට පැමිණ සිටියි.

ඔහු නොබෝදා ඉතාලියේදී ෆ්ලෝරසන්ට් නුවර දී පැවති ඩයමන්ඩ් ගෝන්ෆ්‍රී ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර 100 (පිරිමි) ඉසව්ව තත්ත්පර 10.16 කට නිමා කරමින් සිව් වැනි ස්ථානයට පත් විය.

තත්පර 10.16 කට ඔහු එහිදි ඉසව්ව නිමා කරන විට ඔහුට පසුපසින් ලෝක පූජීත කෙටි ධාවන ශූරයන් කීපදෙනකු තරගය නිමා කිරිම කැපී පෙණුනි.

ඉසව්ව නිමාවෙන් පසු යුපුන්ට එකතු වූ ප්‍රසාද ලකුණු ගණනක් සමග ඔහු ටෝකියෝ ඔලිම්පික් උළලට සුදුසුකම් නොලත් නාමලේඛනය යටතේ නිර්දේශ ලබා ගැනීම තහවුරු වෙනු ඇතැයි ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි.

ටෝකියෝ ඔලිම්පික් උළලේදී මීටර 100 (පිරිමි) ඉසව්ව සඳහා ක්‍රීඩයන් 65 දෙනකු නිර්දේශ කර ගැනේ. පසුගිය බ්‍රහස්පතින්දා (10) යුපුන් ෆ්ලෝරසන්ට් තරගාවලියට සහභාගි වන විට ලබා තිබූ ප්‍රසාද ලකුණු 1075 එයින් පසුව 1203ක් දක්වා ඉහළ දමා ගෙන තිබේ.
ඒ හමුවේ එතෙක් මීටර් 100 (පිරිමි) ඉසව්වේ ක්‍රීඩකයන් අතර 56 වැනි ස්ථානයේ පසු වූ යුපුන් ෆ්ලෝරසන්ට් තරගාවලිය නිමා කරන විට 50 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීම තුළ ටෝකියෝ ඔලිම්පික් උළලට ඔහු නිර්දේශ වීම ඉදිරියේ දී නිල වශයෙන් තහවුරු වනු ඇතැයි ද වාර්තා වේ.

මේ වනවිට මීටර 100 (පිරිමි) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තා ලාභියා ද වන යුපුන් එහි දී තත්පර 10.15 ක ඔහුගේ මෙතෙක් ඉහළම දක්ෂතාවය වාර්තා කළේ ද ඉතාලියේ පැවති තරගාවලියකට සහභාගි වෙමිනි.

කෙසේ වුවත් යුපුන් බ්‍රහස්පතින්දා පැවති තරගය සිව්වැනි ස්ථානයට නිමා කරන විට ලොව ජනප්‍රිය කෙටි ධාවන ශූරයන් දෙදෙනකු වන ඇමරිකාවේ මයිකල් රොජර්ස් (තත්පර 10.25) හා අයිවරි කෝස්ට්හි ආතර් කිසි (තත්පර 10.35) පස් වැනි හා හයවැනි ස්ථානවලට පත්ව සිටියහ.

ටෝකියෝ ඔලිම්පික් උළෙලට නිර්දේශ ලබා ගැනීමට ලොව පුරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි වන අවස්ථාව මෙම 29 වැනිදායින් අවසන් වේ. මේ වන විට යුපුන් අබේකෝන් හැරෙන්නට මීටර 3000 බාධක ශ්‍රී ලංකා ක්‍රීඩිකා නිලානි රත්නායක ද ප්‍රසාද ලකුණු ක්‍රමය යටතේ ටෝකි​යෝ ඔලිම්පික් නිර්දේශයට ලබා ගැනීම වඩාත්ම තහවුරු කර සිටීමට සමත්ව සිටින්නීය.

යුපුන් අබේකෝන් ටෝකි​යෝ ඔලිම්පික් උළලේ නිර්දේශ ලබා ගැනීමේ සුදුසුකමෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය මෙම ජුනි මාසයේ දී සූදානම් කර තිබෙන කසකස්ථානයේ හා ඉන්දියාවේ තරග සංචාර 02 කට නිර්දේශ කර සිටින ක්‍රීඩකයෙකි.

ෆ්ලෝරසන්ට් තරගාවලියේ දී මීටර් 100 (පිරිමි) ඉසව්වේ ජයග්‍රාහයකයා වූයේ දකුණු අප්‍රිකාවේ ආකානි සිම්බිනි විසිනි. ඒ තත්ත්පර 10.08 කටය. ටෝකියෝ ඔලිම්පික් එහි කළින්ම නිර්දේශය තත්ත්පර 10.05කි.

 


අදහස් (0)

යුපුන් ඔලිම්පික් වරම් අභියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.