Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මිල්කා සිං දිවි තරගය නිමා කරයි

මිල්කා සිං දිවි තරගය නිමා කරයි

editorial - 2021 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(ප්‍රින්ස් රත්නායක)

හිටපු ඉන්දීය සුපිරි මලල ක්‍රීඩකයෙක් වූ  මිල්කා සිං 91 වැනි වියේදී සිය දිවිවේ තරගය නිමා කළේය. මිල්කා සිං කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් සමුගත්තේ ඔහුගේ බිරිඳත් කොරෝනා වයිරසය නිසාම දිවියෙන් සමුගෙන දින කිහිපයකට පසුවය.

ඔලිමිපික් ක්‍රීඩා තරග වලදී මලල ක්‍රීඩාවෙන් ඉහළ ස්ථානයක් ඉන්දියාවට ලබාදුන් මිල්කා සිංග් 1960 ඔලිම්පික් තරගාවලියේ මීටර 400 ඉසව්වෙන් සිව්වන ස්ථානය ලැබූ අතර 1956 සිට 1964 දක්වා ඔලිම්පික් උළෙල  3 කට සහභාගී වූවෙකි.  රෝම ඔලිම්පික් උළෙලේදී ඔහුගේ තරග කාලය වූ තත්ත්පර 45.73 ඉන්දීය මලල ක්‍රීඩා වාර්තාව වූ අතර එය වසර 40 ක පමණ කාලයක් ජාතික වාර්තාව ලෙසින් පැවතිණ.

1958 පොදුරාජ්‍ය මණ්ඩලීය  තරගාවලිය සහ 1958  සහ 1962   ආසියානු ක්‍රීඩා මීටර් 400  ඉසව්වෙන් රනපදක්කම්  ජයග්‍රහණය කළ මිල්කා ඉන්දීයාවේ ඉහළම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයට පාත්‍රවූවෙකි.  ආසියානු ක්‍රීඩා උළෙල හතරකදීම මීටර 400 වෙනුවෙන් රන් පදක්කම දිනාගත් සීක් ජාතිකයකු වන මිල්කා සිං හඳුන්වන ලද්දේ ‘පියාඹන සීකයා‘ යනුවෙනි.

මිල්කා සිං දියණියන් තිදෙනකු සහ පුතෙකුගේ පියකු වන අතර ඔහුගේ පුත් ජීව් මිල්කා සිං වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයෙකි.


අදහස් (0)

මිල්කා සිං දිවි තරගය නිමා කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.